Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර හයකට පසුව සංවිධානය කෙරෙන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය, මේ මස 9 වැනිදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වේ. 2024 වසරේදී අන්තර්ජාතික සහ දේශීය ක්‍රිකට් තරග වලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගයමින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වේ.
වසරේ දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව, වසරේ දක්‍ෂතම නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව, අන්තර්ජාතික සහ දේශීය වශයෙන් වසරේ දක්‍ෂතම පිතිකරුවා, පන්දු යවන්නා සහ පන්දු රකින්නා මෙන්ම දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ද එදින සම්මාන ලබති. ඔවුන්ට අමතරව ක්‍රිකට් නිලධාරීන්ද ඇතුළුව, 40 කට ආසන්න සංඛ්‍යාවක් සම්මාන ලැබීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සමාගම් අතරේ ඉදිරියෙන්ම සිටින සමාගමක් වන ‘හෝම් ලෑන්ඩ්ස්’ සමාගම මෙවර සම්මාන ප්‍රදානෝත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය දරයි. එබැවින් එය හෝම් ලෑන්ඩ්ස් ක්‍රිකට් සම්මාන රාත්‍රිය ලෙසින් හැඳින්වේ.
“මේ වසරේ ක්‍රිකට් සම්මාන උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් හෝම් ලෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරය අප සමග සම්බන්ධවීම මහත් සතුටට කාරණයක්. ඔවුන්ගේ සම්බන්ධවීම අප දකින්නේ මේ සුවිශේෂී අවස්ථාව ශක්තිමත් කිරීමක් ලෙසින් විතරක් නෙමේ. ක්‍රීඩාවේ විශිෂ්ටත්වය බෙදා හදා ගැනීමටත් අනාගතයේදී ක්‍රීඩාව බාරගැනීමට සූදානම් වන පරම්පරාවත් දිරිගැන්වීමක් ලෙසින් අපි මේ අවස්ථාව සලකනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක මහතා පැවසීය.
හෝම් ලෑන්ඩ්ස් ආයතනය ශ්‍රී ලංකාව් පමණක් නොව ඩුබායි සහ ඕස්ටේ්‍රලියාවේත් ශාඛා පිහිටි සමාගමකි.
මෙම අවස්ථාවට සම්බන්ධවීම පිළිබඳව හෝම් ලෑන්ඩ්ස් සමාගමේ සභාපති නලීන් හේරත් මහතා කීවේ විශිෂ්ටත්වයේත් නොපසුබට උත්සාහයේ සහ කණ්ඩායම් හැඟීමේ එකමුතුවක් ලෙසින් ජාතිය ගොඩනැංවීමේ කාර්යයට දායක වන්නට ලැබීම ගැන තම ආයතනය සතුටු වන බවයි.
“ක්‍රීඩාව ජනවර්ගයන් එකතු කරනවා. ජාතිකානුරාගය වඩවනවා වගේම තරුණයන්ගේ අභිලාෂයන් බලගන්වනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අපේ සංස්කෘතියේ විශේෂ තැනක් ගන්නා එකක්. එය නිරන්තරයෙන්ම ලෝක සිතියමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන තැනකට ගේනවා” යයි ද නලීන් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.