Last Update  :  2025-06-07 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්
අන්තර් සමාජ වි20

එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය පානදුර කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක්ද දවාගනිමින් ලකුණු 158 කට නවතාලීමට එන්.සී.සී. ක්‍රීඩකයෝ සමත් වූහ. සම්පත් නිස්සංක යැවූ අවසන් ඕවරයේදී තරගය ජය ගැනීම සඳහා පානදුර කණ්ඩායමට ලකුණු 7 ක් අවශ්‍ය වුවද, එහිදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. 

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු විෂේන් හැළඹගේ පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් සහන් ආරච්චිගේ පානදුර කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට චාමික කරුණාරත්න (නොදැවී 50) සමත් විය. පන්දු 28 කදී වාර්තා වූ චාමිකගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 30 කින් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


එන්.සී.සී. පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 159  
(නිරෝෂන් දික්වැල්ල 44, ජීවක සෂින් 19, චාමික කරුණාරත්න නොදැවී 50, දුෂාන් හේමන්ත 22/2) 

පානදුර පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 158  
(විෂේන් හැළඹගේ 83, විෂ්ව ළහිරු 23, සහන් ආරච්චිගේ 29/3) 

 
 
 

අදහස් (0)

එන්.සී.සී. පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.