Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ නායක දාර්විශ් රසූල් (121) ඇතුළු අවසන් පිතිකරුවන් හය දෙනාම ලකුණු 55 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට යැවූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අබුඩාබි නුවරදී පැවැති සිව්දින තරගයෙන් ලකුණු 308 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ.
තරගය ජයගැනීම සඳහා ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායමට ලැබුණේ ලකුණු 615 ක දැවැන්ත ඉලක්කයකි. තරගයේ තුන්වැනි දිනය වූ 1 වැනිදා සවස ක්‍රීඩාව නතර කරන විට ඇෆ්ඝන් අබ්ඩාල්යන්ස් (ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම හැඳින්වෙන ආකාරය) ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියහ.
තරගය ජයැගනීම කෙසේ වෙතත් පරාජයෙන් ගැලවීම සඳහා අවසන් දිනයේ කඩුලු 7 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් ඇෆ්ඝනිස්ථානු අබ්ඩාල්යන්ස් පිල තරගයේ අවසන් දිනය වූ ඊයේ (2 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය. නායක දාර්විශ් රසූල් (නොදැවී 95) සහ ශම්ස් උර්’රෙහෙමාන් (නොදැවී 05) ඒ වන විටත් පිටියේ රැඳී සිටියහ.
දිවා ආහාරයෙන් පසුව නායකයා සහ ශම්ස් උර්’රෙහෙමාන් එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 251 ක් දක්වා ඉදිරියට ගෙන ගිය නමුත් ඉසිත විජේසුන්දර සහ සධීර සමරවික්‍රම එක්ව දාර්විශ්ගේ ඉනිම නිමා කිරීමෙන් පසු ලකුණු 55 ක් ඇතුළත තරගය අවසන් විය.
තේ පානය වන විටත් (ලකුණු සංඛ්‍යාව කඩුලු 6 ට 275) ඇෆ්ඝනිස්ථානුවන් සතුව කඩුලු හතරක් ඉතිරිව තිබුණ නමුත් තරිඳු රත්නායක සහ ඩිල්ෂාන් මධුශංක එක්ව ඕවර 5.4 ක් ඇතුළතදී අවසන් කඩුලු හතරම බෙදා ගනිමින් ලකුණු 308 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කැඳවාගෙන ගියහ.
මුල් ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 6 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්ථානු ඉනිම විනාශ කළ ඉසිත විජේසුන්දර දෙවැනි ඉනිමේදීත් කඩුලු 4 ක් දවාගනිමින් තරගයේදීම ලකුණු 110 කට කඩුලු 10 ක් දවාගත්තේය. ශතක හයක් වාර්තා වූ තණතීරුවකදී කඩුලු 10 ක් දවාගත් ඉසිත විජේසුන්දර තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගතතේය.
ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 406 යි
ඇෆ්ඝනිස්ථානු අබ්ඩාල්යන්ස් - පළමු ඉනිම 168 යි
ශ්‍රී ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම කඩුලු 4 ට 376 යි
(කමිල් මිෂාර 53, නුවනිඳු ප්‍රනාන්දු 102, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100, සධීර සමරවික්‍රම 15, පවන් රත්නායක නොදැවී 100)
ඇෆ්ඝන් අබ්ඩාල්යන්ස් - දෙවැනි ඉනිම 306 යි
(ඉම්රාන් 15, දාර්විශ් රසූල් 121, අෆ්සාර් සාසි 82, ශම්ස් උර්’රෙහෙමාන් 32, ඉස්මත් අලාම් 11, සියා උර් රොහමාන් 17, ඩිල්ෂාන් මධුශංක 44/2, ඉසිත විජේසුන්දර 75/4, වනුජ සහන් 62/2, තරිඳු රත්නායක 93/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.