Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික පුවත් වාර්තා ඇසුරිනි)
පාකිස්තානය ලෝක කුසලාන දිනාගත් 1992 තරගාවලියේදී මෙන්ම 2019 තරගාවලියේදීත් එකම කාරණා එකම ආකාරයට සිදුවෙමින් පවතින බැවින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය වේ යයි පාකිස්තානුවෝ වික්ෂිප්ත දෑසින් බලා සිටිති.
පාකිස්තානය ලෝක කුසලාන දිනාගත් 1992 දී පාකිස්තානයට තිබුණේ භයංකාර අරම්භයකි. පාකිස්තානය මුහුණ දුන් පළමු තරග 5 න් ජයගත හැකිවූයේ එකම තරගයකි. ඒ තත්ත්වය 2019 තරගාවලියටත් එලෙසින්ම සමාන වී තිබේ.
1992 තරගාවලියේදී මෙන්ම මෙවර තරගාවලියේදීත් පාකිස්තානය මුහුණ දෙන්නේ එකම ආකාරයේ සිදුවීම් මාලාවකට වීම හේතුවෙන් පාකිස්තානු ක්‍රීඩා ලෝලීහු බලපොරොත්තු සහගත දෑසින් විපිළිසරව බලා සිටිති.
1992 තරගාවලියත්, මෙවර තරගාවලිය වාගේම, කණ්ඩායම් 10 කින් සමන්විත තරගාවලියකි. එදාත් කණ්ඩායමක් තරගාවලියට සහභාගි වෙමින් සිටි අනෙකුත් සෑම කණ්ඩායමක් සමගම ක්‍රීඩා කළහ. උපරිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. 2019 තරගාවලියේ සැකැස්මත් එයාකාර වෙයි.
2019 තරගාවලියේදී එක ඉනිමක් වෙනුවෙන් සුදු පැහැ පන්දු දෙකක් යොදාගන්නා අතර මෙම ක්‍රමය ආරම්භ වූයේ 1992 තරගාවලියේදීය.
1992 දී පාකිස්තානයේ පළමු තරග හයේදී ලැබූ ප්‍රතිඵලද මෙවර තරගාවලියේ මුල් තරග 6 ප්‍රතිඵල සමග එකමත එක සමපාත වෙයි.
1992 තරගාවලියේදී පාකිස්තානය සහ නවසීලන්තය මුණ ගැසෙන විට නවසීලන්තය තරග 6 කදී අපරාජිතව සිටියේය. මෙවර තරගාවලියේදීත් නවසීලන්තය හත්වැනි තරගය දක්වාම අපරාජිතව සිටී.
1992 තරගාවලියේදී නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කරමින් පාකිස්තානය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් නමුත් මෙවර තරගාවලියේ 7 වැනි තරගයේ ප්‍රතිඵලය කුමක්ද යන්න බලාගැනීම සඳහා තවත් පැය කිහිපයක් ඉවසීමෙන් සිටිය යුතුය.
කෙසේ වෙතත් 1992 පාකිස්තානු පිල සහ 2019 පාකිස්තානු කණ්ඩායම අතර බොහෝ සමානකම් ද තිබේ.
1992 දී ඉන්සමාම් උල් හක් පාකිස්තානු කණ්ඩායමේ නැගී එමින් සිටි සුපිරි තරුවයි.
2019 දී ඉන්සමාම් උල් හක්ගේ ඥාති පුත්‍රයා වන ඉමාම් උල් හක් පාකිස්තානු කණ්ඩායමේ නැගී එමින් සිටින සුපිරි තරුවයි.
1992 දී හයවැනි තරගයේ වීරයා වූයේ වමත් පිතිකරු අමීර් සොහේල්ය.
2019 දී හයවැනි තරගයේ වීරයා වූයේ වමත් පිතිකරු හැරිස් සොහේල්ය.
1992 ට පෙර පිළිවෙලින් ඉන්දියාව (1983) සහ ඕස්ට්‍රෙලියාව (1987 දී) ලෝක කුසලාන දිනා තිබිණ.
2019 ට පෙර පිළිවෙලින් ඉන්දියාව (2011) සහ ඕස්ට්‍රෙලියාව (2015) ලෝක කුසලාන දිනා තිබිණ.
තවත් තොරතුරු විමසීමේදී පෙනෙන්නට ඇත්තේ ඇදහිය නොහැකි සමානකම්ය.
1992 දී අසිෆ් අල් සර්දාරි මහතා (පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම නැසීගිය අගමැතිනි බෙනාසීර් භූතෝ මහත්මියගේ සැමියා) සිරගතව සිටියේය
2019 දී අසිෆ් අල් සර්දාරි මහතා සිරගතව සිටී.
සියල්ල මෙසේ තිබියදී 1992 දී ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන් නායක ඉම්රාන් ඛාන් පාකිස්තානයේ වත්මන් අගමැතිවරයා වී සිටී.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.