Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු කුසලාන තරගාවලියට යති

ආසියානු කුසලාන තරගාවලියට යති

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන දෘශ්‍යාබාධිතවුවන්ගේ ආසියානු කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිල අද (16) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය සඳුදා (18) සිට මෙම 24 වැනිදා දක්වා කොචි නගරයේ නේරු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

චන්දන දේශපි‍්‍රයගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිලට ක‍්‍රීඩකයෝ 17 දෙනෙක් ඇතුළත්වෙති. ශ‍්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මේ මස 19 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් තරගාවලියට සහභාගිවේ.

 

666666666666

 


ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිල :

චන්දන දේශප‍්‍රිය (නායක), ඞී.රවින්ද්‍ර (උප නායක), චන්දන සුරියආරච්චි, චමින්ද පුෂ්පකුමාර, සමන් කුමාර, කෝසල හේරත්, ඞී.චමින්ද, නුවන්ත සුදේෂ්, දිමුතු පෙරේරා, රුවන් කරුණාතිලක, කැලූම් ලක්මාල්, උපුල් සංජීව, ඞී.මතුගම, කේ.බී.ආර්. ජයරත්න, සුරංග සම්පත්, ඒ. කල්්‍යාන කුමාර, රුවන් වසන්ත, රවී පෙරේරා (විනිසුරු), වයි.සුමනවීර (පුහුණුකරු) සහ ලක්ෂාන් දේවප‍්‍රිය (කළමනාකරු)


තරග කාල සටහන:

ජන: 18 වැනිදා -

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර
පාකිස්තානය සහ නේපාලය අතර


ජන: 19 වැනිදා -

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර
ඉන්දියාව සහ නේපාලය අතර


ජන: 20 වැනිදා -

ශ‍්‍රී ලංකාව සහ නේපාලය අතර
ඉන්දියාව සහ පාකිස්තානය අතර


ජන: 21 වැනිදා -

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර
බංග්ලාදේශය සහ නේපාලය අතර


ජන: 22 වැනිදා -

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර


ජන: 24 වැනිදා -

අවසන් මහා තරගය


- 090
    

 


අදහස් (0)

ආසියානු කුසලාන තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.