Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද විද්‍යාලයට කඩුලූ 7 ක ජයක්

ආනන්ද විද්‍යාලයට කඩුලූ 7 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම කණ්ඩායම පරදවා කඩුලූ 7 කින් ජය ගැනීමට ආනන්ද විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.


කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 135 කට සීමා කිරීමට ආනන්ද විද්‍යාලය සමත්විය. පන්දු 44 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 62 ක් රැුස් කිරීමට බිරේන්ද්‍ර ද සේරම් සමත්වූයේය.


ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ආනන්ද විද්‍යාලය  ඕවර 17.5 කදී කඩුලූ 3 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. සුපුන් වරාගොඩ නොදැවී අර්ධ ශතකයක් රැස් කරගත්තේය

 

ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 135
(බිරේන්ද්‍ර ද සේරම් 62, දිලීප ජයලත් 29/3, දිනුක ජයරත්න 21/2, කළන පෙරේරා 27/2)

 

ආනන්ද විද්‍යාලය -  ඕවර 17.5 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 136
(සුපුන් වරාගොඩ නොදැවී 50, සහන් සුරවීර 46, රසාන්ජන මල්ලිකාරච්චි 6/2)


අදහස් (0)

ආනන්ද විද්‍යාලයට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.