Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කරන වයස අවුරුදු 50 න් ඉහළ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය හෙට (31 වැනිදා) ආරම්භ වේ. රතු පැහැති ලෙදර් පන්දුව භාවිතා කරන ඕවර 40 තරගාවලියක් වන මෙය සති තුනක් පුරා ලීග් ක්‍රමයට අනුව පැවැත්වේ. තරගාවලිය ආරම්භ කරමින් ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා ජනසතු සේවා කණ්ඩායම රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද තරග බිමට අවතීරණ වනු ඇත.  

කොළඹ පී. සරා ඕවල්, බ්ලූම්ෆීල්ඞ්, මත්තේගොඩ යුද හමුදා සහ රත්මලාන ජනසතු සේවා යන ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක්ද, අනු ශූරයන්ට රුපියල් 50000 ක්ද පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය සඳහා රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. 

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සඳහාද එහිදී ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ලබන වසරේ (2025) පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම මෙම තරගාවලියේ අරමුණ බව තරගාවලියේ අධ්‍යක්ෂ මහේෂ් ද සොයිසා මහතා පැවැසීය. තරගාවලිය පිළිබඳ වැඩි දුර තොරතුරු 077-5704201 අංකය ඔස්සේ සිසිල ඉන්ද්‍රරත්න මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. 


තරග කාල සටහන 
■ අගෝස්තු 31 වැනිදා - රාජ්‍ය සේවා ප්‍රවීණයන්ගේ පිල සහ ලංකා ප්‍රවීණයන්ගේ පිල අතර රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේදී  
■ සැප්තැම්බර් 1 වැනිදා - ලංකා ප්‍රවීණයන්ගේ පිල සහ වෙළද සේවා ප්‍රවීණයන්ගේ පිල අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
■ සැප්තැම්බර් 7 වැනිදා - රාජ්‍ය සේවා ප්‍රවීණයන්ගේ පිල හා වෙළද සේවා ප්‍රවීණයන්ගේ පිල අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී 
■ සැප්තැම්බර් 8 වැනිදා - ලංකා ප්‍රවීණයන්ගේ පිල හා රාජ්‍ය සේවා ප්‍රවීණයන්ගේ පිල අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
■ සැප්තැම්බර් 15 වැනිදා - ලංකා ප්‍රවීණයන්ගේ පිල හා  රාජ්‍ය සේවා ප්‍රවීණයන්ගේ පිල අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
■ සැප්තැම්බර් 17 වැනිදා - වෙළද සේවා ප්‍රවීණයන්ගේ පිල හා ලංකා ප්‍රවීණයන්ගේ පිල අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.