Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches පස්දුන් කෝරළේ සටන ජය පරාජයෙන් තොරයි

පස්දුන් කෝරළේ සටන ජය පරාජයෙන් තොරයි

editorial - 2023 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවති පස්දුන් කෝරළේ සටන හෙවත් ආනන්ද ශාස්ත්‍රාල - ශාන්ත මේරි මහා ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා (18) සවස ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් ශාන්ත මේරි කණ්ඩායමේ කොවිඳු වික්‍රමසිංහ තෝරා ගන්නා ලදි. ඉනිම දෙකේදීම ශාස්ත්‍රාලයේ කඩුලු 6 ක් දවාගත් වික්‍රමසිංහ පිත්තෙන් ද දස්කම් පෙන්වමින් ලකුණු 87 ක් ලබාගත්තේය.

හොඳම පන්දු යවන්නා වශයෙන් ආනන්ද ශාස්ත්‍රාලයේ අමිල මද්දුමගේ සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරුවා ලෙසින් ආනන්ද ශාස්ත්‍රාලයේම නුමේෂ් එරන්ද සම්මාන හිමිකර ගත්තේය.

 

ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම 164 යි
(ලකිඳු දිනූ 22, නුවන් දිනෙත් 19, හසිත අනුහස් 18, ජනුද දිහින් 16, කොවිඳු වික්‍රමසිංහ 43/3, නිරෝෂ් ඉමල්ක 06/2, විහාන් තරූෂ 12/2)

ශාන්ත මේරි විදුහල - පළමු ඉනිම 159 යි
(කොවිඳු වික්‍රමසිංහ 87 ,ඉසුර දේශාන් 22 ,ඉසර තෙව්මිත් 47/3 ,අමිල ලසිත් 24/4.)

ආනන්ද ශාස්ත්‍රාලය - දෙවන ඉනිම කඩුලු 7 ට ලකුණු 229
(නුමේෂ් එරන්ද නොදැවී  68,හෙෂිත අනුහස් 58, සිතුන සුලක්ෂණ  නොදැවී 23, කොවිඳු වික්‍රමසිංහ 62/3 ,ඉසුර දේශාන් 47/2 )

ශාන්ත මේරි දෙවන ඉනිම - කඩුලු 4 ට ලකුණු 126
(යසින් සත්සර 26, රනිඳු නිපුන් 25, හිමේෂ මධුභාෂණ 60, අමිල ලසිත් 39/2)


අදහස් (0)

පස්දුන් කෝරළේ සටන ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.