Last Update  :  2025-05-12 20:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25දා සිට

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25දා සිට

රොෂාන් ගුණරත්න - 2017 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවයිනේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල් 24 ක සිසු සිසුවියන් 3000ක් ජවන හා පිටිය ඉසව් 130කට තරග වදින අන්තර් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මෙම 25, 26, 27 යන දිනවල දියගම මහින්ද රාජක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික පාසල් සංගමයේ සාමජිකත්වය දරන ජාත්‍යන්තර පාසල් මෙවරත් තරගාවලියට සහභාගි වන අතර එහි සත්කාරකත්වය දරන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයට අයත් නුගේගොඩ ජාත්‍යන්තර පාසලයි. ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ ප්‍රධානියා ලෙස එවකට කටයුතු කළ අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතාගේ අදහසක් අනුව ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වසර 2001 දී ආරම්භ විය.


එදා මෙදාතුර මෙම තරගාවලිය ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහය හා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් මාරුවෙන් මාරුවට සත්කාරය දරන අතර ගියවරද ඇතුළුව තරගාවලියේ නව වතාවක්ම සමස්ත ශූරතාව දිනා සිටින වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙවර 10 වැනි වතාවටත් තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙයි.


මෙම දින තුනේම තරගාවලිය පෙරවරු 8 සිට පැවැත්වෙන අතර තරග සංවිධායකයන් ප්‍රකාශ කරන්නේ මෙම මලල ක්‍රීඩා තරගාවලිය නැරඹීමට ජාත්‍යන්තර පාසල් සිසු සිසුවියන් ඇතුළුව ඔවුන්ගේ දෙමව්පියන් 20000කට ආසන්න නරඹන්නන් පිරිසක් සහභාගි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.


මෙම තරගාවලියටත් ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ පර්සන් ඔඩෙක්සෙල් අධ්‍යාපන ආයතනයයි. සම අනුග්‍රහය දැක්වීමට “රෙවොලෝ” චොක්ලට් නිෂ්පාදකයන් වන සිලෝන් (ම.බි.) බිස්කට් සමාගම ඉදිරිපත් වන අතර විශේෂ අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ මැක් ඩොනල්ඞ්ස් ආයතනයයි.


විජය පුවත්පත් සමාගම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වන අතර තරග ජයග්‍රාහකයන් සඳහා රන් පදක්කම් ලබාදීමෙන් අනුග්‍රහය දැක්වීමට චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය ඉදිරිපත්ව සිටියි.


ඉන්සොම්න්සා, යුනිවර්සල් කොලෙජ් ලංකා, බ්‍රැන්ඩික්ස් ලංකා, සිනෙක් කැම්පස්, ලයිසියම් තරියර්ස්, ඩෙටොල්, හැටන් නැෂනල් බැංකුව, එඩියුගීත් හා ප්ලැනට් එඩියුකේෂන් හා ඔෆ් ස්ටඩී ගේට්වේ යන තවත් ආයතන කීපයක්ද මෙවර තරගාවලියේ අනුග්‍රහය සඳහා විවිධ අයුරින් දායකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.


තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය මෙම 27 වැනිදා පස්වරු 4ට සිදු කිරීමට නියමිතය.


17 වැනි අන්තර් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ජාත්‍යන්තර පාසල්

ආසියානු, ඇලිෆියා, බීවර් කොලෙජ්, බි්‍රතාන්‍ය, බුර්හානි සෙරන්ඩිබ්, කොළඹ, කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාව, එළිසබෙත් මොයර්, කොළඹ ගේට්වේ, මහනුවර ගේට්වේ, ඉල්මා බාලිකා, ලීඞ්ස්, නුගේගොඩ ලයිසියම්, වත්තල ලයිසියම්, පානදුර ලයිසියම්, රත්නපුරය ලයිසියම්, ලේටන් ෆාත්, ඕකේ අයි ඕවර්සිස්, රිජන්ට්, රෝයල් ඉන්සටියුට් ස්ටැෆර්ඞ්, විචර්ලි හා ශාන්ත නිකොලස්.


නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් http://isac.lyceum.lk යන වෙබ් අඩවිය ඔස්සේ තරගාවලියේ තොරතුරු හා තරග ප්‍රතිඵල එසැනින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබේ.


තරග තීරකවරුන් හා විනිසුරුවන් 300 දෙනෙකුගේ සේවය ලබා ගනිමින් මෙවර පැවත්වෙන තරගාවලියට විද්්‍යුත් කාලගණක හා මිනුම් යන්ත්‍ර යොදා ගැනෙන බව තරග සංවිධායකයෝ පවසති.


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා 25දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.