Last Update  :  2026-04-19 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා ලේකම් ඉල්ලා අස්වෙයි

මලල ක්‍රීඩා ලේකම් ඉල්ලා අස්වෙයි

editorial - 2026 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් මාධව සෙනරත් බන්ඩාර මහතා පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මලල ක්‍රීඩා ආයතනයේ සභාපති බිමල් විජයසිංහ මහතා වෙත යොමු කරමින් බන්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුන් මත තමන් එම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය පසුගිය මාර්තු 12 වැනිදා පැවැත්වූ අතර එහිදී පත්වූ නව විධායක සභාවේ ප්‍රධාන ලේකම්වරයා එසේ පත්ව කෙටි කාලයකින් ඉල්ලා අස්වීමට ගත් තීරණය කේෂ්ත්‍රයේ දැඩි අවධානයට යොමුව තිබේ.

මේ වන විට උප ලේකම් ඇලෝයි නිෂාන්ත මහතා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධූරයේ වැඩ බලයි. එහිදී එම ධූරයට සුදුස්සෙකු නිර්දේෂ කර ගැනිම සදහා විශේෂ මහ සභා රැස්වීමක් ඉදිරියේදී කැදවීමට නියමිතය.


අදහස් (0)

මලල ක්‍රීඩා ලේකම් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.