Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේදී අද (29) ආරම්භ වූ 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වාර්තාව පිහිටුවීමේ ගෞරවය උතුරේ ක්‍රීඩිකාවකට හිමි වූවාය. ඒ රිටි පැනීම (කාන්තා) ඉසව්ව මීටර 3.52 කට නිමා කරමින් රන් පදක්කම දිනා ගත් එන්. දක්සිතාය.
උතුරු පළාත නියෝජනය කරන මෙම ක්‍රීඩිකාව විසින් මීටර 3.51 කට ඇය විසින්ම පසු ගිය වසරේදී පිහිටුවා තිබූ ඉසව්වේ වාර්තාව සෙන්ටි මීටරයකින් ඉහළට ඔසවා තබමින් එහි නව වාර්තාවට හිමි කම් කීවාය. මෙහි ජාතික (ශ්‍රී ලංකා) වාර්තාව මීටර 3.65 කට (2022) හිමිකම් කියන්නේ සචිනී පෙරේරාය.
මෙම වසරට නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ගාල්ල දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ආරම්භ විය. එය ඉරිදා (31) දක්වා පැවැත්වේ. එහිදී සමාප්ත උත්සවය එදින පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ ආරම්භක දිනයේ ඉසව් කීපයකම අවසන් තරග පැවැත්වුණි. ක්‍රීඩා ඉසව් 32 කින් සමන්විත ක්‍රීඩා උළෙලේ අවසානය මලල ක්‍රීඩා තරගාවලියෙන් සනිටුහන් කරයි.
රාජ්‍ය අනුග්‍රාහයෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සත්කාරයෙන් 1972 දී ආරම්භ වූ වාර්ෂික ප්‍රධානතම ක්‍රීඩා උළෙල ගාල්ලේදී නැවැත පැවැත් වෙන්නේ 1975 න් පසුව වීම කැපී පෙන්. මීට වසර 49 කට පෙර සිව් වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල 1975 දී පවත්වා ඇත්තේ ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදීය. මෙම ක්‍රීඩා උළෙල 1983 දී හා කොවිඩ් වසංගතය පැවැති වසර 2020 - 21 යන වසර වලදීත් පවත්වා නැත. ලබන වසරේ (2026) යෙදී ඇත්තේ 50 වැනි ස්වර්ණ ජයන්ති ක්‍රීඩා උළෙලය.
ක්‍රීඩා උළෙලේ ඊයේ (29) පැවැති සමාරම්භක උළෙලේ ගිණි සිළුව දැල්වීම ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන නිලූක කරුණාරත්න හා හිටපු ප්‍රවීනතම මලල ක්‍රීඩිකාවක් වන තමරා සමන් දීපිකාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ ධාවන ඉසව් තණ කොළ සහිත ධාවන පථයකදී පැවැත්වෙන බැවින් විශේෂයෙන්ම ධාවන ඉසව්හිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් පළ විය හැකි දක්ෂතා අවම අගයක් ගත හැකිය. ඒ අතර මෙවර මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන අතර තවත් සුවිශේෂී තත්වයක් වාර්තාවේ.
ඒ මේ වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දේශීය වශයෙන් තහනමකට ලක්ව තිබෙන බැවින් තරගාවලියේ අධීක්ෂණ කටයුතු වලට එම ආයතනය සහභාගී වීමෙන් වැළකී සිටීමය. එහි පවතින අවදානමක් වන්නේ කිසියම් ආකාරයකින් ශ්‍රී ලංකා (ජාතික) වාර්තාවක් බිහි වුවහොත් ඊට නිල වශයෙන් පිළිගැනීමක් ලබා ගැනීම එම තත්වය තුළ අපහසුවීමය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පැවැති විධායක සභාවේ කටයුතු කළ ප්‍රකාශකයෙකු පැවැසුවේ ජාතික වාර්තා බිහි වීමේදී එවැනි තත්වයක් පැන නැගුණත් තරගාවලියේ බිහි වෙන නව වාර්තා පිළිගැනීම සම්බන්ධයෙන් එවැනි ගැටළුවක් පැන නොනගින බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෙසේවූවත් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ප්‍රමිතියෙන් තොර තණ කොළ සහිත ධාවන පථයක පැවැත්වීමේ තවත් අවාසියක් ශ්‍රී ලංකාව අරභයා පැන නැගී තිබීමය. ඒ එළඹෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් (දේශීය තරග) ප්‍රසාද ලකුණු ක්‍රමය ඔස්සේ නිර්දේශ කිරීමේදී ප්‍රමිතියෙන් තොර මෙවැනි ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන තරගාවලි ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් බැහැර කිරීමයි.
සැප්තැම්බර් 13 වැනිදා ටෝකියෝ නුවරදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීම හෙටින් (අගෝස්තු 31 වැනිදා) අවසන් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.