Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පෙරමුණ රැකගනී

මහනුවර පෙරමුණ රැකගනී

යොහාන් භාසුර - 2020 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ පස්වැනි සතියේ තරග අවසන් වන මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිතව තව දුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ආරක්‍ෂාකරගැනීමට සමත්ව සිටියේය.

තෙවැනි ස්ථානයේ සිටි හැව්ලොක් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටියි.
පස්වැනි සතියේ තරග ආරම්භ වන විට දෙවැනි ස්ථානයේ පසුවූ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පිල තෙවැනි ස්ථානය දක්වා පහතට වැටී සිටියේය.

මහනුවර ක්‍රීඩා සමාජය තරග පහම ජය ලබා අතිරේක ප්‍රසාද ලකුණු 4 ක් සමගින් ප්‍රසාද ලකුණු 29 ක් හිමිකරගනෙ සිටියි.

හැව්ලොක් පිල සහ සී. ආර්. පිල තරග පහෙන් තරග හතර බැගිව් ජය ලබා ප්‍රසාද ලකුණු 22 බැගින් හිමිකරගනෙ සිටියි. ඒ අනුව දෙවැනි සහ තෙවැනි ස්ථාන උත්සාහක දිනුම් සංඛ්‍යාව අනුව තීරණය විය.

හැව්ලොක් පිල උත්සාහක දිනුම් 17 ක් ද, සී. ආර්. පිල උත්සාහක දිනුම් 16 ක් ද, සම්පූර්ණ කර තිබේ. සිවුවැනි සතිය දක්වා අපරාජිතව සිටි සී. ආර්. පිල පසුගිය සතියේ මහනුවර පිල හමුවේ ලකුණු 41-27 කින් පරාජය වීමෙන් මෙම වෙනස ඇති විය.  

මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්ව සිටින පොලිස් පිල තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 19 ක් හිමිකරගනිමින් සිවුවැනි ස්ථානයේ පසුවෙයි.  

සී. එච්. (ලකුණු 10), යුද හමුදා (ලකුණු 9), නාවික හමුදා (ලකුණු 8) සහ ගුවන් හමුදා (ලකුණු 1) පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ස්ථානවල පසුවෙයි.


 


අදහස් (0)

මහනුවර පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.