Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රග්බි සංගමය මූල්‍ය අර්බුදයක

රග්බි සංගමය මූල්‍ය අර්බුදයක

යොහාන් භාසුර - 2020 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයට මෙම වසර තුළ ප්‍රධාන අනුග්‍රහකයන්ගෙන් මුදල් නොලැබීම නිසා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව පසුගිය මැයි මස අවසන් වන විට එම සංගමයේ ගිණුම් වාර්තාවලින් හෙළි වේ.  

මෙම වසරේ මැයි මස 30 වැනිදා දක්වා ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධාන අනුග්‍රහයකයන් තිදෙනකුගෙන් මුදල් ලැබී නොමැත. අන්තර්ජාතික රග්බි සංගමයෙන් රුපියල් 2,243,400 ක මුදලක් පමණක් ලැබී ඇති බව ගිණුම් වාර්තාවේ සඳහන් වේ.  ඒ හැරෙන්නට ශ්‍රී ලංකා රග්බි සංගමයට මෙම වසර තුළ සෙසු ආදායම් මාර්ගවලින් ද කිසිදු මුදලක් ලැබී නොමැත.

මුදල් ලැබීම් පහත වැටුණ ද ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනුවෙන් රුපියල් 1,782,045 ක් සහ පරිපාලන වියදම් ලෙස රුපියල් 556,300 ක් වශයෙන් ලෙස රුපියල් 2,338,345 ක සමස්ත වියදම් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ගිණුම් වාර්තාවල රුපියල් 94,945 ක හිඟයක් පෙන්නුම් කරයි.

මෙම තත්ත්වය පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රධාන නිලධාරියකු පැවසුවේ මෙම වසර තුළ මේ දක්වා තරගාවලියක් හෝ ජාතික කණ්ඩායම්වලට තරගාවලි නොමැතිවීම හේතුවෙන් අනුග්‍රහක මුදල් නොලැබුණු බවයි.

“අපේ ප්‍රධාන අනුග්‍රහකයාගෙන් මුදල් ලැබෙන්නේ තරගාවලියක් හෝ වැඩසටහනක් යන පදනම මතයි. උදාහරණයක් ලෙස ලීග් තරගාවලිය එසේත් නැත්නම් සත් සාමාජික තරගාවලිය පැවැත්වීමට මුදල් ලැබෙනවා. ජාතික කණ්ඩායමක් තරගාවලියකට සහභාගි වන විට මුදල් හිමිවනවා. නමුත් මෙවර ලීග් තරගාවලියත් අතරමග නැවතුණානේ. අපිට ප්‍රධාන අනුග්‍රහකයන්ගෙන් මීට පෙර එක කොටසක් ලැබී තිබෙනවා”

“අපේ තවත් අනුග්‍රහක ආයතනයක් තියෙනවා. එය වෙනත් විදියක අනුග්‍රහයක් නමුත් ඔවුන්ගෙනුත් මුදල් ලැබී නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයට මීට පෙර ආසියානු රග්බි සංගමයෙන් සුළු අනුග්‍රහක මුදලක් ලැබී තිබුණ ද මෙම වසරේ එම මුදල ද ලැබී නොමැත.


අදහස් (0)

රග්බි සංගමය මූල්‍ය අර්බුදයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.