Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට

මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමත් විය. ඒ බලපිටිය සිද්ධාර්ථ විදුහලට එරෙහිව ගිරිවුල්ල වික්‍රමශීලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගනිමිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාරිස්ටෙලා විදුහලේ හේෂාන් පෙරේරා ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගනිමින් සිද්ධාර්ථ විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.


සිද්ධාර්ථ විදුහල - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 111
(ප්‍රබාත් අර්ජුන් 27, හේෂාන් පෙරේරා 29/5, හසිත් ගමගේ 11/2, ප්‍රභාෂන සිල්වා 41/2)

මාරිස්ටෙලා විදුහල - ඕවර 22.5 කදී කඩුලු 8 ක් දැවී 112
(කේෂාන් පෙරේරා 21, ප්‍රභාත් අර්ජුන් 27/4, නදීෂ විරාජ් 41/3)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.