අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ මහීෂ සිතුම් ලකුණු 25 කට කඩුලු 7 ක්ද, විහඟ තීක්ෂණ ලකුණු 28 කට කඩුලු 6 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 43
(විහඟ තීක්ෂණ 14/4, මහීෂ සිතුම් 11/3, සවින්ද චමෝද් 10/2)
ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 17.3 කදී කඩුලු 4 ක් දැවී 44
(කේසර කොඩිතුවක්කු 08/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී 37
(මහීෂ සිතුම් 14/4, විහඟ තීක්ෂණ 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.