Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න කළ පරීක්ෂණයේදී ඔහුට වයිරසය ආසාදනය වී නැතැයි එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය පවසයි.
කරන් බ්‍රහස්පතින්දා (02 වැනිදා) සිට සිය හෝටල් කාමරයේදී හුදකලා වූයේය. ඒ පාචනය සහ අසනීපගතිය හේතුවෙනි. කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසා සදම්ප්ටන්හිදී පැවැත්වෙන පෙරහුරු තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය.
කරන්ගේ රෝගී වීම නිසා ලබන සතියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හැම්ප්ෂයර් ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර කොරෝනා වයිරසය එංගලන්තයේ ජෛව සුරක්ෂිත පුහුණු කඳවුරට පිවිසෙනු ඇතැයි යන සැකය මතු විය. 22 හැවිරිදි සරේ ක්‍රීඩකයාගේ තත්ත්වය, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තක්සේරු කරනු ලැබීමෙන් පසුව තවත් පරීක්ෂණයක් කළේය. වෛරසය ආසාදනය වී නැති බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කරන් සති අන්තයේදී පුහුණුවීම් සඳහා එංගලන්ත සංචිතයට එක්වනු ඇත.
“ඔහු දැන් ඉදිරි පැය 24-48 අතර කාලය තුළ නැවත පුහුණුවීම්වලට පැමිණෙන අතර කණ්ඩායම් වෛද්‍යවරයා විසින් දැඩි ලෙස අධීක්ෂණය කරනු ඇත.
"සෙසු ක්‍රීඩා හා කළමනාකරණ කණ්ඩායම සමඟ ඉරිදා තවත් පරීක්ෂණයකට මුහුණ දීමට කරන්ට සිදුවනු ඇත." යයි එංගලන්ත කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.