Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස්ගෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක්

මැතිව්ස්ගෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක්

editorial - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර පහකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ද්විත්ව ශතකය නිසා හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (22 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 509 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහෙත් ඒ වන විට කඩුලු 9 ක් දැවී ගොස් තිබූ හෙයින් ඉනිම නවතාලූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවට පහර දීමේ වාරය ෂත්කාරක පිලට පැවරූහ. 
 
මැතිව්ස්ගේ විශිෂ්ට ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 157 ක වාසියක් අත්කර ගත්තේය. සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටි අතර ඒ වන විට ප්‍රින්ස් මසාවුරේ හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද, බ්‍රයන් මුඞ්සින්ගන්යමා හතරේ පහර 2 ක් සමග ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
 
තේ පානය වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 466 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මැතිව්ස් සහ ලක්මාල් එක්ව ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් මුලු ලකුණු සංඛ්‍යාව 510 ක් දක්වා ඉහළ නැංවූහ. එහෙත් තම සීමාවෙන් පිටතට පැමිණ පහර දීමට ගිය ලක්මාල් ස්ටම්ප් කිරීමකට හසුවූ අතර ඊළඟ පන්දුවේදී ලසිත් ඇඹුල්දෙණිය දැවී ගියේය. ඒ වන විට මැතිව්ස් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 4 ක් මෑතින් සිටියේය. 
 
අනතුරුව නිලකුණු ඕවරයකට මුහුණ දුන් මැතිව්ස් රාජිත ලකුණක් ලබාගන්නා තුරු ඉවසීමෙන් බලා සිටියේය. පන්දු 3 කට පසුව තම අවස්ථාව උදාකරගත් හිටපු නායකයා සිකන්දර් රාසාගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් තම ද්විත්ව ශතකය ලබාගත්තේය. 
පන්දු දෙකකට පසුව කසුන් රාජිත දැවී ගියේය. 
 
ලකුණු පුවරුව 
සිම්බාබ්ව් - පළමු ඉනිම - 358 යි
(ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රෙග් අර්වින් 85, සුරංග ලක්මාල් 53/3, ලසිත් ඇඹුල්දෙණිය 114/5)
 
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ. එන්ලෝව් ප.නිව්චි 37
ඕෂධ ප්‍රනාන්දු - ප.ටිරිපානෝ 21
කුසල් මෙන්ඩිස් - ඇ.ටේලර් ප.නිව්චි 80
ඇන්ජලෝ මැතිව්ස්  - නොදැවී 200
දිනේෂ් චන්දිමාල්  - ඇ. සහ ප.විලියම්ස් 12
ධනංජ ද සිල්වා  - ඇ.මසාවුරේ ප.නිව්චි 63
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප.සිකන්දර් රාසා 63
සුරංග ලක්මාල්  - ස්ට.චකබ්වා ප.සිකන්දර් රාසා 27
ලසිත් ඇඹුල්දෙණිය - ප.සිකන්දර් රාසා 0
කසුන් රාජිත - ක.මු.කළා ප.විලියම්ස් 1
අතිරේක 11
එකතුව ඕවර 176.2 කදී කඩුලු 9 ක් දැවී 515
පන්දුවට පහර නොදුන් පිතිකරු
ළහිරු කුමාර
කඩුලු වැටීම : 
1-32 (ඕෂධ ප්‍රනාන්දු), 2-92(කරුණාරත්න), 3-184(කුසල් මෙන්ඩිස්), 4-227(දිනේෂ් චන්දිමාල්), 5-325(ධනංජය), 6-461(දික්වැල්ල), 7-510(ලක්මාල්), 8-510(ඇඹුල්දෙණිය), 9-515(කසුන් රාජිත)
පන්දු යැවීම : 
කයිල් ජාවිස් : 37-12-84-0, වික්ටර් නිවුචි : 32-7-69-3, ඩොනල්ඞ් ටිරිපානෝ : 31-3-82-1, ඒන්ස්ලි එන්ලෝව් : 28-3-107-2, ෂෝන් විලියම්ස් : 32.2-3-104-4, සිකන්දර් රාසා : 160-62-3
 
සිම්බාබ්ව් - දෙවැනි ඉනිම 
ප්‍රින්ස් මසාවුරේ - නොදැවී 15
බ්‍රයන් මුඞ්සින්ගන්යමා - නොදැවී 14
අතිරේක 1
එකතුව ඕවර 17 කදී කිසිවකු නොදැවී 30 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ක්‍රෙග් එර්වින්, බ්‍රෙන්ඩන් ටේලර්, ශෝන් විලියම්ස්, සිකන්දර් රාසා, රේගිස් චකබ්වා, ඩොනල්ඞ් ටිරිපානෝ, කයිල් ජාර්වේස්, ඒන්ස්ලි එන්ලෝව් සහ වික්ටර් නිවුචි
පන්දු යැවීම : 
සුරංග ලක්මාල් : 5-2-04-0, කසුන් රාජිත : 3-2-07-0, ධනංජය ද සිල්වා 3-2-04-0, ළහිරු කුමාර 4-1-12-0, ලසිත් ඇඹුල්දෙණිය 2-1-03-0 

අදහස් (0)

මැතිව්ස්ගෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.