Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරග 13 දා සිට

ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරග 13 දා සිට

editorial - 2023 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා සභාවේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රිඩා මණ්ඩලය සංවිධානය කරන ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය මෙම මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මීගමුව වෙරළ තීරයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ පළමු වරට වන අතර එහි සංවිධාන කටයුතු ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිර්ණ මහතාගේ අධික්ෂණය යටතේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සහයෝගයද ඇතිව සිදුකෙරේ.  

මෙම තරගාවලිය සදහා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ඕමානය, සවුදි අරාබිය, වෙනිසියුලාව, කොලොමිබියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් පිරිමි කණ්ඩාම් 16 ක්ද, කාන්තා ක්‍රීඩා කණ්ඩයම් 12 ක්ද සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උළෙල 12 වැනිදා පැවැත්වෙන අතර ත්‍යාග ත්‍යාග ප්‍රදානොත්සවය සහ සමාප්ති උළෙල 17 වැනිදා මීගමුව ‘ගෝල්ඩි සෑන්ඩ්ස්’ හෝටලය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග මහජනතාවට නොමිලේ නැරඹීම සඳහා සංවිධායකයන් අවස්ථාව උදාකර දී තිබේ.

මෙම තරගාවලිය පැවැත්වෙන සිවුවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට 2019 වසරේදී චීනයේ වූහාන් නුවරදී පැවැති තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත්ව ඇත. එම තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගනු ලැබ ඇත්තේ බ්‍රසීලය විසිනි.  

 


අදහස් (0)

ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරග 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.