Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball සියනෑ තරු-ගෝල්ඩන් බර්ඩ්ස් ජනාධිපති රන් කුසලාන දිනයි

සියනෑ තරු-ගෝල්ඩන් බර්ඩ්ස් ජනාධිපති රන් කුසලාන දිනයි

නාමල් පතිරගේ - 2020 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වට 5ක් දක්වා ඇදී ගිය අති තියුණු සටනක් නිමාවේදී වැඩි ලකුණු පහකින් ජනාධිපති ඩයලොග් රන් කුසලාන ජ්‍යෙෂ්ඨ වොලිබෝල් (පිරිමි) ශූරතාව යළිත් දිනා ගැනීමට ගම්පහ ‘සියනෑ තරු’ ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ පෙරේද‌ා (26) නිමාවට පත් වූ තරගමාලාවේ ජ්‍යෙෂ්ඨ (පිරිමි) අවසන් මහ තරගයේදී දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජ කණ්ඩායම 3–2 කින් පරාජයට පත් කරමිනි.

වට පහේදීම දෙපිලේ ලකුණු එකතුව 105–101 ක් තරම් තියුණු අගයක් ගන්නා අතර මෙම අවසන් සටන වඩාත් උණුසුම් වූයේ දෙපිලම වට දෙකක් බැගින් ජයගැනීමෙන් කුසලාන හිමිකරු තීරණය කිරීම පස්වැනි (අවසන්) වටය දක්වා ඇදී ගිය බැවිනි.

සියනෑ තරු කණ්ඩායම ගිය වසරේද ශූරතා කුසලාන දිනා ගැනීමට සමත් විය. පෙරේද‌ා පැවැති ජ්‍යෙෂ්ඨ කාන්තා අවසන් මහ තරගය ද තියුණු මුහුණුවරකින් නිමාවට පත්වූයේ ගියවර (2018) ජ්‍යෙෂ්ඨ කාන්තා අනුශූරතාව ලද රද‌ාවන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජයට මෙවර ශූරතාව හිමිකර දෙමිනි. ඒ වට 3-1 කින් මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. ඒ අනුව මෙවර තරගමාලාවේ අවසන් මහ තරග දෙකකට තේරුණත් මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයට සිදුවූයේ අනුශූරතා දෙකකින් සෑහීමට පත්වීමටය.

 

ජනාධිපති - ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරගමාලාවේ ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ අවසන් මහ තරග ප්‍රතිඵල:

කාන්තා අවසන් මහ තරගය -

රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රී.ස. කණ්ඩායම විසින් මහඋස්වැව රතනපාල ක්‍රී.ස. කණ්ඩායම වට 3-1 කින් පරාජය කරන ලදී.  (25/19 – 25/21 – 28/30 – 25/28)

තෙවැනි ස්ථානය:- කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය

 

විශේෂ සම්මාන -

දක්ෂතම පන්දු සකසන්නිය :- විරාජි චාමරිකා (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂතම පන්දු ලබාගන්නිය:- ශ්‍යාමා මධුරංගි (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂතම පන්දු ඔසවන්නිය :- රේණුකා පුෂ්පමාලි (ගෝල්ඩන් බර්ඩ්ස්),  දක්ෂතම ප්‍රහාරිකාව :- ඉරේෂා උදයංගනී (ගෝල්ඩන් බර්ඩ්ස්), දක්ෂතම පන්දු වළක්වන්නිය :- ප්‍රීතිකා ප්‍රමෝදනී (රතනපාල), දක්ෂතම පන්දු රකින්නිය :- මධුෂිකා හර්ෂණී (රතනපාල), දක්ෂතම ක්‍රීඩිකාව :-  නිලන්තිකා සංජීවනී (ගෝල්ඩන් බර්ඩ්ස්).

 

පිරිමි අවසන් මහ තරගය

ගම්පහ සියනෑ තරු ක්‍රී.ස. කණ්ඩායම විසින් දෙබෑගම රන්තරු ක්‍රී.ස. කණ්ඩායම වට 3-2කින් පරාජය කරන ලදී.  (25/23 – 25/16 – 21/25 – 19/25 – 15/12)

තෙවැනි ස්ථානය – තරගය අවලංගු කරන ලදී.

 

විශේෂ සම්මාන –

දක්ෂතම පන්දු සකස් කරන්නා :- රූකාන්ත භාග්‍යන් පතිරණ (රන්තරු),  දක්ෂතම පන්දු ලබාගන්නා :- ධනුෂ්ක උදයංග (සියනෑ තරු) දක්ෂතම පන්දු සකසන්නා :- මොරිස් චාමින්ද (සියනෑ තරු), දක්ෂතම ප්‍රහාරකයා :- සන්ක දිල්ෂාන් ජයරත්න (රන්තරු), දක්ෂතම පන්දු වළක්වන්නා :- අයේෂ් දිල්හාන් පෙරේරා (සියනෑ තරු), දක්ෂතම පන්දු රකින්නා :- මනෝජ් සුරංග (රන්තරු), දක්ෂතම ක්‍රීඩකයා :- චාමර මිහිරාන් (සියනෑ තරු).


අදහස් (0)

සියනෑ තරු-ගෝල්ඩන් බර්ඩ්ස් ජනාධිපති රන් කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.