Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා වොලිබෝල් පිල පහළට

ශ්‍රී ලංකා වොලිබෝල් පිල පහළට

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේ චීබා නගරයේදී රටවල් 16 ක සහභාගිත්වයෙන් පැවැති  21 වැනි ආසියානු වොලිබෝල් ශූරතාවලිය  නිමාවට පත්වීමත් සමග, ඊට සහභාගි වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම්හි පහළට වැටී තිබේ.

තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි ස්ථානයේ පසුවිය.  තරගාවලිය නිමාවත් සමග ශ්‍රී ලංකාව 16න් පහළ ස්ථානයක් දක්වා පහළට යනු ඇත.  මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගෙන තිබියදීත් අවසන් මොහොතේදී තරග සංචාරය අත්හැර දැමීමට සිදුවිය.

උස්බෙකිස්ථානයට එරෙහිව කොළඹදී කඩඉම් තරගයක් ජය ගනිමින් ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබාගත්තත්, ආසියානු තරගාවලියට සූදානම් වීම ඉලක්ක කරමින් ආරම්භ කළ ජාතික වොලිබෝල් (පිරිමි) සංචිතයේ ක්‍රීඩකයන් කොවිඩ් හා ඩෙංගු රෝගී ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග ආසියානු වොලිබෝල් සම්මේලනයේ අනුමැතියෙන් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් විය.

ඒ හේතුවෙන් උස්බෙකිස්ථානයට අවසන් මොහොතේ ඊට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය.  ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉවත් වීමෙන් තරගාවලියට ඇතුළත් වූ උස්බෙකිස්ථානය ශ්‍රේණිගත තරගයකදී තායිලන්තය වට 3–2කින් පරාජයට පත්කරමින්, එහි 13 වැනි ස්ථානය ලැබීය. කෙසේ වුවත්, උස්බෙකිස්ථානය මූලික වටයේදී මුහුණ දුන් සියලු තරග පරාජයට පත්විය.

දකුණු ආසියානු කාලපයෙන් මෙම තරගාවලියට එක්වූ රටවල් අතර කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වොලිබෝල් ප්‍රතිවාදියා වන ඉන්දියාව තරගාවලියේ නව වැනි ස්ථානය ලැබීය. කෙසේ වුවත්, මෙවර තරගාවලියේදීත් පාකිස්ථානය හත්වැනි ස්ථානය ලැබීය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිල පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.