Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වසර 18කට පසුව ගුවන් හමුදාව ඉහළට

වසර 18කට පසුව ගුවන් හමුදාව ඉහළට

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා කණ්ඩායම (පිරිමි)

 

(නාමල් පතිරගේ)

ජාතික මංචි ශූරතා කුසලාන වොලිබෝල් තරග මාලාවේ (2022) සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් මහ තරගය සඳහා වසර 2004න් පසුව පළමු වතාවට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නිර්දේශ ලබා ගනියි. ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් පියසේ දී තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වුණි.

එහිදී තවත් විශේෂත්වයක් වන්නේ මෙවර සුපර්ලීග් කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකටම ගුවන් හමුදා කණ්ඩායම් නිර්දේශ ලබා ගැනීමට සමත්වීමයි.

ඒ අනුව ගියවර (2021) සුපර් ලීග කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් ප්‍රබල විදුලි බල කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර මෙවර පිරිමි අවසන් මහ තරගය පැවැත්වේ.

සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගයේ දී ගුවන් හමුදාවේ කණ්ඩායමට මුණ ගැසෙන්නේ ගියවර ශූරතාව දිනා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජයයි. ඒ අනුව ගියවර කාන්තා හා පිරිමි ශූරතා දිනාගත් යුද හමුදා කණ්ඩායමට හා විදුලිබල කණ්ඩායමට එය තවත් වරකට රැක ගැනීමේ උත්සාහයන් දැරීමේ අවස්ථාව සැලසී තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සිලෝන් (මන්චි) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරග මාලාව සංවිධානය කිරීමේ දී රටේ දැන් උද්ගතව තිබෙන තත්ත්වයන් යටතේ විටින් විට අවස්ථා කීපයකදීම එය කල් දැමීමට සිදුවිය.

එය වොලිබෝල් සම්මේලනය දැඩි දුෂ්කරතාවයන්ට පත් කළ සිදුවීමක් වූ බව එහි ලේකම් ඒ.එස්. නාලක මහතා ලංකාදීපයට පැවැසීය.

ජාතික තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ සුවිශේෂි වැදගත්කම වන්නේ ඒ සඳහා සහභාගි වන්නේ දිවයිනේ නම ගිය වොලිබෝල් ක්‍රීඩා සමාජ වීමයි. ඒ අනුව මෙවර පිරිමි තරගාවලියට කණ්ඩායම් හතක් හා කාන්තා කණ්ඩායම් පහක් සහභාගි වූහ.

තරග මාලාවේ සුපර් ලීග් අවසන් මහ තරග ලබන ජුලි 3 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් දැන් රටේ උද්ගතව තිබෙන අයහපත් තත්ත්වය යටතේ එය ලබන ජුලි අග භාගයේ දී හෝ අගෝස්තු මුල් භාගයේ දී යොදා ගත් දිනක දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහ තරග ශූරයන්, අනු ශූරයන්, තෙවැනි ස්ථාන සඳහා රුපියල් 1,50,000, 1,00000, 50,000 බැගින් ප්‍රදානය කෙරේ. ඒ හැරෙන්නට අවසන් මහ තරග දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහාත් වොලිබෝල් ක්‍රීඩාවේ සෙසු සියලු ඉරියව්හි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාත් විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටත් කටයුතු යොදා තිබේ.


අවසන් පූර්ව තරග ප්‍රතිඵල

(පිරිමි කාණ්ඩය)
විදුලිබල කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3/1කින් (23/25-25/23-25/22-25/20) පරාජය කරන ලදී.
ගුවන් හමුදා කණ්ඩායම විසින් වරාය අධිකාරි කණ්ඩායම් වට 3/1කින් (23/25-25/15-25/21-25/22) පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය තේරීමේ තරගය:- වරාය අධිකාරි කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායම වට 3-0කින් පරාජය කරන ලදී.
අවසන් මහ තරගය:- විදුලිබල කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර


(කාන්තා කාණ්ඩය)
යුද හමුදා කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම් වට 3-1කින් (21/25-25/23-25/20-25/15) පරාජය කරන ලදී.
ගුවන් හමුදා කණ්ඩායම විසින් ‘හයිද්‍රාමනී’ කණ්ඩායම වට 3/1කින් (25/22-25/23-23/25-25/13) පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය තේරීම් තරගය:- ‘හයිද්‍රාමනී’ කණ්ඩායම විසින් වට 3/0කින් පරාජය කරන ලදී.
අවසන් මහ තරගය:ර්‍යුද හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර



ගුවන් හමුදා කණ්ඩායම (කාන්තා)

 

විදුලිබල මණ්ඩල කණ්ඩායම (පිරිමි)

 


යුද හමුදා කණ්ඩායම (කාන්තා)


අදහස් (0)

වසර 18කට පසුව ගුවන් හමුදාව ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.