Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලි​බෝල් පුහුණුකරුවන්ගේ මුල් පුටුව රත්නමුදලිට

වොලි​බෝල් පුහුණුකරුවන්ගේ මුල් පුටුව රත්නමුදලිට

editorial - 2020 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ නිලවරණයේදී (2020-21) නව සභාපතිවරයා ලෙස සී. රත්නමුදලි මහතා පත් විය. මෙම නිලවරණය ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන රත්නමුදලි මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උපසභාපතිවරයෙකු ලෙසත් කටයුතු කරන අතර වෘත්තියෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයාද වෙයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතාගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්වුණි. වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ පසුගිය නිලකාලය අක්‍රිය තත්ත්වයෙන් පැවැති බැවින් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය. ඒ වන විට එහි සභාපති ධුරය දැරුවේ සුමිත් ජයලාල් මහතා විසිනි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති රංජිත් සියඹලාපිටිය, එහි හිටපු ලේකම්වරුන් වන සුසිල් රණසිංහ හා බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න යන මහත්වරු සංගමයේ නව අනුශාසකවරු ලෙස කටයුතු කරති. ප්‍රවීන වොලිබෝල් පුහුණුකරුවෙකු වන චාල්ස් තිලකරත්න මහතා එහි ලේකම්වරයා ලෙස පත්ව සිටියි.


ශ්‍රීලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමයේ (2020-21) නව නිලධාරි මණ්ඩලය.

සභාපති: සී.රත්නමුදලි මහතා,
ප්‍රධාන ලේකම්: චාල්ස් තිලකරත්න මහතා,
භාණ්ඩාගාරික: නලින් සම්පත් අබේසිංහ මහතා,
උපසභාපතිවරු - ආනන්ද වන්නිතිලක, චන්න ජයසේකර, සිසිර කුමාර වෙන්ඩකෝන්, ලලිත් ප්‍රේමලාල්,
උපලේකම්: චමිලා නදී හේරත්
උපභාණ්ඩාගාරික: සමන්සිරි සෙනවිරත්න මහතා,
ප්‍රධාන සංවිධායක: ජානක ඉන්ද්‍රජිත් මහතා,
විධායක කමිටුව- සුසිරි මංගල, ක්‍රිශාන්ත ජයවර්ධන, තාරක රත්නවීර, සුමේධ විමලවීර, මොරිස් චාමින්ද, මහේෂ් පෙරේරා, චමින්ද ලක්‍ෂ්මන්, සුනිල් විජේසිංහ, නිශාන් ඉන්දික ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු


අදහස් (0)

වොලි​බෝල් පුහුණුකරුවන්ගේ මුල් පුටුව රත්නමුදලිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.