Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද

ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද

editorial - 2022 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර අද (24 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම කණ්ඩායම් දෙකම අවසන් තරගයට පිවිස සිටින්නේ අපරාජිතවය.

මලිත් රත්නායක මෙවර තරගවාරයේදී ත්‍රිත්ව විදුහල් කණ්ඩායම මෙහෙයවන අතර කෙනත් ලියනගේ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.

මූලික වටයේදී ක්‍රීඩා කළ කාණ්ඩයේ ශුරයන් බවට පත්වෙමින් දෙවැනි වටයට පිවිසි ත්‍රිත්ව විදුහල, එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කළේය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී වත්තල ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ, අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල මහින්ද විදුහලට එරෙහිව තරග වැදිණ.

කෙසේ වුවත් වර්ෂාව හේතුවෙන් ත්‍රිත්ව - මහින්ද තරගය නොපැත්වුණ අතර එතෙක් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ත්‍රිත්ව විදුහලට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා විය. එහිදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.

ශාන්ත ජෝෂප් විදුහලද දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේදී ක්‍රීඩා කළ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමිනි. දෙවැනි වටයේදී කළුතර සිරිකුරුස විදුහල පරාජය කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණද, එතෙක් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හේතුවෙන් ශාන්ත ජෝෂප් විදුහලට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා විය. ජෝෂප් ක්‍රීඩකයන් අවසන් තරගයට පිවිසියේ එහිදී කැලණිය ගුරුකුල විදුහල පරාජය කරමිනි.

 

ශාන්ත ජෝෂප් විදුහල

 

මහනුවර ත්‍රිත්ව විදුහල


අදහස් (0)

ශාන්ත ජෝෂප් - ත්‍රිත්ව අවසන් සටන අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.