Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ගුරුකුල - ශා. ජෝෂප් අවසන් පූර්ව තරගය හෙට

ගුරුකුල - ශා. ජෝෂප් අවසන් පූර්ව තරගය හෙට

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගය කැලණිය ගුරුකුල විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර හෙට (15 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මූලික වටයේදී ක්‍රීඩා කළ කාණ්ඩයේ ශුරයන් බවට පත්වෙමින් දෙවැනි වටයට පිවිසි ගුරුකුල විදුහල, එහිදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළේය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත ‍බෙනඩික් විදුහල පරාජය කළ ගුරුකුල ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයට පිවිසියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඩ් විදුහල පරාජය කරමිනි.

‍ශාන්ත ජෝෂප් විදුහලද දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේ මූලික වටයේදී ක්‍රීඩා කළ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමිනි. දෙවැනි වටයේදී කළුතර සිරිකුරුස විදුහල පරාජය කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහල පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ. ‍

අර්ධ අවසන් පූර්ව වටයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පැවැති තරග වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණද, එතෙක් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හේතුවෙන් ශාන්ත ‍ජෝෂප් විදුහලට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා විය.

දිදුල ඒෂාන් මෙවර තරග වාරයේදී ගුරුකුල විදුහල් කණ්ඩායම මෙහෙයවන අතර කෙනත් ලියන‍ගේ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.


අදහස් (0)

ගුරුකුල - ශා. ජෝෂප් අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.