Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_19_cricket කඩුලු ගලවාගෙන ගිය ක්‍රීඩකයන්ට තරග තහනමක්

කඩුලු ගලවාගෙන ගිය ක්‍රීඩකයන්ට තරග තහනමක්

editorial - 2022 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක-දේවානන්ද දෙවිදුහල් අතර අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති 53 වැනි සුනීල සංග්‍රාම ක්‍රිකට් තරගයේදී තරගය නතර කිරීමට තවත් ඕවර හතරක් පමණක් යැවීමට තිබියදී පිටියේ කඩලු ගලවාගෙන යාමේ සිද්ධියට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායක සසිඳු මල්ශාන්ට වසරක හා එම කණ්ඩායමේම තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකුට මාස හය බැගින් ක්‍රිකට් තරග තහනම් පැනවූ  බව ධර්මාශෝක විද්‍යාලයේ විනය කමිටුව කියයි.

ඒ සමගම ධර්මාශෝක විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ සේවය තාවකාලිකව නතර කිරීමටත් එම කණ්ඩායම භාරව සිටි ගුරු මහතා තාවකාලිකව තනතුරෙන් ඉවත් කිරීමටත් පියවර ගත් බව විනය කමිටුවේ ප්‍රකාශකයා තව දුරටත් පැවසිය.

ක්‍රිකට් පිටියේ කඩලු මුලින්ම ගලවනුයේ තම විද්‍යාලයේ ක්‍රීඩකයින් නොවන බවත් එය සිදු කරනුයේ කඩා කප්පල්කාරී නරඹන්නන් පිරිසක් බවත් ඔවුන් පිටියේ කඩලු ගැලවූ පසු අනෙක් අන්තයේ කඩලු විදුහලේ නායකයා ඇතුළු තිදෙනෙක් ගලවනුයේ ක්‍රීඩා තරගයේ සිහිවටන ලෙස තියා ගැනීමට බවත් ඔහු කිවේය.

විනිසුරුවරුන්ගේ තීරණයක් නොමැතිව කඩලු ගලවා පිටියෙන් ඉවත්වීම ක්‍රිකට් නීතියට අනුව වැරදි ක්‍රියාවක් බැවින් මේ ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රිකට් තරග තහනම පැනවූ බවද ප්‍රකාශකයා කිවේය.

එම තරගයේදී  දේවානන්ද විද්‍යාලයට  ජය ගැනීමට කඩලු 3 ක් අතැතිව තවත් ලකුණු 13ක් අවශ්‍යව තිබියදී පිටියේ කඩලු ගලවාගෙන යාමෙන් පසු ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනි සනුජා ජයවික්‍රම මහත්මිය දේවානන්ද විද්‍යාලයට ජය ලබාදීමට කටයුතු කළාය .ඒ අනුව වසර 56 කට පසුව දේවානන්ද විද්‍යාලය සුනිල සංග්‍රාමයේ දෙවැනි ජය වාර්තා කළේය.


අදහස් (0)

කඩුලු ගලවාගෙන ගිය ක්‍රීඩකයන්ට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.