Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සාන්ත තෝමස් විදුහලේ රොමේෂ්ගෙන් ශතකයක්

සාන්ත තෝමස් විදුහලේ රොමේෂ්ගෙන් ශතකයක්

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 166 ක් රැස්කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රොමේෂ් මෙන්ඩිස් සමත් විය.  මෙවර තරගවාරයේදී ක්‍රීඩකයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය සටහන් විය.

රොමේෂ්ගේ ශතකය සහ රජිඳු තිලකරත්නගේ (15/5) දක්ෂ පන්දු යැවීම හේතුවෙන් හේතුවෙන් එම තරගයේදී මැසිනොද් විදුහලට එරෙහිව ලකුණු 225 ක පහසු ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. පන්දු 139 කට මුහුණදුන් රොමේෂ් හයේ පහර 6 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසුවේය.


සාන්ත තෝමස් විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 307
(රොමේෂ් මෙන්ඩිස් 166, අවිනාෂ් ප්‍රනාන්දු 55, තිසෙන් ඇහැලියගොඩ 25, තුෂාන් උමයංග 38/3, සවිනු චන්තුල 46/2, තරීන් පෙරේරා 68/2)

මැසිනොද් විදුහල - ඕවර 28.3 කදී සියලු දෙනා දැවී 82
(උවිඳු පෙරේරා 18, තුෂාන් උදයංග 19, රාජිඳු තිලකරත්න 15/5, අෂේන් පෙරේරා 25/2)

-036

 


අදහස් (0)

සාන්ත තෝමස් විදුහලේ රොමේෂ්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.