Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket සල්පිටි - රයිගම් හටන දොඹගොඩදී

සල්පිටි - රයිගම් හටන දොඹගොඩදී

editorial - 2022 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 10 සහ 11 වැනිදා දොඹගොඩ යුදහමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 7 වැනි වරටත් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය 12 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේදී පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අශේන් රොද්‍රිගූට හිමිව ඇති අතර ඔහුගේ උපනායකයා ලෙස චනුප ජනුල් පෙරේරා කටයුතු කරනු ලැබේ. චමත්ක අංජන ජයලත්ට මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇති අතර ඔහුගේ උපනායකයා ලෙස දේශාන් දිල්මිත් කටයුතු කරනු ඇත.

පෙර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලි 19 න් 3 ක් ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්වී ඇති අතර තරග 16 ක් ජය පරාජයෙන් තොරව අවසන්වි ඇත. හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට මෙතෙක් වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ජයගැනීමට අවස්ථාව හිමිවී නොමැත.

වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියට සමගාමිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය 6 වරක් පැවැති අතර 5 ක් වරක් ශූරතාව දිනා ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්විය. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දෙවන කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කළ පිළියන්දල මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. මූලික වටයේදී පැවැති තරග 5 න් 2 ක් පමණක් ජයගත් පිළියන්දල මධ්‍ය විද්‍යාලය විසින් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ පාදුක්ක පියරතන විද්‍යාලය පරාජය කිරීමට සමත්විය.

හතරවන වසරේ වර්ණලාභියකු වන නායක අශේන් රොද්‍රිගූ එම තරගාවලියේදී තරග 5 කට ක්‍රීඩා කරමින් ශතක 2 ක් සමගින් ලකුණු 202 ක් ලබා පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන අශේන් දඟපන්දුවෙන් කඩුලු 6 ක් ද දවාගැනීමට සමත්විය.

සෙතික දිල්මිත් ලකුණු 108 ක්, රමෝද්‍ය බාලසූරිය ලකුණු 96 ක් සහ සොනාත් එනුක ලකුණු 91 ක් ලබාගනිමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී හොරණ තක්‍ෂිල මධ්‍ය විද්‍යාලීය පිතිකරුවන්ට එරෙහිව තර්ජනයක් වියහැකි පන්දු යවන්නා බවට තිනෙත් සාලිංග පත්ව ඇත. අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග 5 කදී කඩුලු 17 ක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ඔහු අවස්ථා 2 කදී කඩුලු 5 බැගින්ද දවාගෙන ඇත.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී දෙවන කොටසේ ‘බී’ කාණ්ඩයේ සම ශූරතාව දිනා ගැනීමට හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය සමත්විය. අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා අම්බලන්ගොඩ පී. ද එස් කුලරත්න විද්‍යාලයටත්, හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයටත් සම ශූරතාව හිමිවිය.

අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 291 ක් ලබාගත් සහන් දිව්‍යාංජන තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා මෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්විය. එමෙන්ම දවාගැනීම් 16 කට සම්බන්ධවූ සහන් තරගාවලිය පුරා වැඩිම දවාගැනීම් ප්‍රමාණයකට දායක වූ ක්‍රීඩකයා බවටද පත්විය.

ජනිත් ලියනගේ ලකුණු 172 ක් සහ දේශාන් දිල්මිත් ලකුණු 164 ක් ලබාගනිමින් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී ඉදිරියෙන්ම සිටි පිතිකරුවන් වූහ.

කඩුලු 16 ක් ලබාගනිමින් තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට චිරන්ත දෙව්රුවන් පත්වූ අතර නවෝද්‍ය ගිම්හාන කඩුලු 14 ක්, අංජන ජයලත් කඩුලු 10 ක් සහ දේෂාන් දිල්මිත් කඩුලු 9 ක් දවාගනිමින් ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෝ වූහ.

 


පිළියන්දල මධ්‍ය විද්‍යාලය
අශේන් රොද්‍රිගූ (නායක), චනුප ජනුල් පෙරේරා (උපනායක), රමෝද්‍ය බාලසූරිය, හසිත නිරෝෂන්, සෙතික දිල්මිත්, සෙනිරු දිල්මිත්, තිනෙත් සාලිංග, සොනාත් එනුක, නිලූෂ ප්‍රනාන්දු, තරූෂ දිල්හාර, ආදීප ප්‍රනාන්දු, සංදේෂ් ප්‍රවීන්, අෂාන් තත්සර, තිවංක සඳරැස්, කුෂ්මික රවිඳු, ගනිඳු සෙනේෂ්, කේෂාන් මදුරංග, ඩිලාෂ් සචින්ද, තික්ෂර දුල්ෂාන්
දර්ෂන උඩවත්තගේ මහතා (විදුහල්පති), සුනිල් රංජිත් මහතා (නියෝජ්‍ය විදුහල්පති), චන්දිමා රණවක මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනිය), අරුණ ලියනගේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), එරංග ගුණරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් මහතා (සහය පුහුණුකරු), සුදේෂ් හර්ෂ (සහය පුහුණුකරු), හසිත ලංකා (සහය පුහුණුකරු)

 


හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය
අංජන ජයලත් (නායක), දේශාන් දිල්මිත් (උපනායක), සහන් දිව්‍යාංජන, දීමන්ත දිනුජය, සංදීත් රණවීර, චරිත් හර්ෂණ පෙරේරා, ජනිත් ධනංජය, පසිඳු භාෂණ, නවෝද්‍ය ගිම්හාන් ප්‍රනාන්දු, සනිර මිහිසර, රවිඳු ලක්ෂාන් පහලගේ, චමෝද් මිහිරාන්, ප්‍රමේෂ් ධනංජය, රෂාන් නවාංජන දීමන්ත, සසිත් මල්මික, පවිඳු රන්දෙව් සෙනෙවිරත්න, චිරන්ත දෙව්රුවන්, ළහිරු අවිෂ්ක ලක්ෂාන්, සන්විඳු සේවින් දිසානායක, තරුක සෙනිත
කේ.කේ.පී.එම් ජයතිලක මහතා (විදුහල්පති), ප්‍රේමසිරි එදිරිසිංහ (නියෝජ්‍ය විදුහල්පති), පී.ඒ.යද්දෙහිගේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), සංජය දිසානායක මහතා (ප්‍රධාන පුහුණුකරු), උදාර මද්දුමගේ (සහය පුහුණුකරු)

 


අදහස් (0)

සල්පිටි - රයිගම් හටන දොඹගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.