Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශුරයින්ගේ සටන මංගල ක්‍රිකට් තරගය හෙට - අනිද්දා

ශුරයින්ගේ සටන මංගල ක්‍රිකට් තරගය හෙට - අනිද්දා

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් පියන්ත) 

අම්බලන්ගොඩ පී. ද. එස්.කුලරත්න විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ‘ශුරයින්ගේ සටන‘ වාර්ෂික ක්‍රිකට් තරගයේ මංගල ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (2 සහ 3)  අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

අම්බලන්ගොඩ පී. ද. එස්.කුලරත්න විදුහල් කණ්ඩායම කවිෂ් සත්සර විසින් මෙහෙයවනු ලබයි. ඔහුගේ නායකතවයෙන් යුතුව පී. ද. එස්.කුලරත්න විද්‍යාලය මෙවර දෙවන කොටසේ බී කාණ්ඩය යටතේ පැවති අන්තර් පාසල් තරගාවලියේදී මුහුණදුන් තරග හතෙන් තරග හයක ජයක් හිමිකර ගනිමින් එම තරගාවලියේ සම ශුරතාව හිමිකර ගැනීමට සමත්වූයේය. 

හත්වන තරගය විසදුමකින් තොරව නිමාවී තිබේ .ඒ හොරණ තක්ෂිලා විද්‍යාලය සමග පැවති අවසාන මහා තරගයයි.

අයහපත් කාලගුණය නිසා නොපැවැත්වුණු මේ තරගයේදී  වීදුහල් දෙකටම තරගාවලියේ සම ශුරතාව හිමිවිය.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම පවන් සන්දේශ මෙහෙයවනු ලබයි. 

ඔහුගේ නායකත්වයෙන් යුතුව මෙවර පළමු කොටසේ අන්තර් පාසල් තරගාවලියේදී දේවපතිරාජ විද්‍යාලය තරග පහකට සහභාගිවී ඉන් තුනක් ජයගෙන දෙකක් පරාජයට පත්ව ඇත. තවද කණ්ඩායම් නායක පවන් සන්දේශ් ඇතුළුව ක්‍රීඩකයින් තිදෙනෙකුම මෙවර වයස 19 න් පහල ශ්‍රී ලංකා ජාතික සංචිතය සදහා තේරී පත්ව සිටිති. 


අදහස් (0)

ශුරයින්ගේ සටන මංගල ක්‍රිකට් තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.