Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත මරියා විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත මරියා විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මතුගම ශාන්ත මරියා විදුහල සමත් විය.

කෝට්ටේ ආනන්ද සාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 115 ක ජයක් වාර්තා කරමින් ශාන්ත මරියා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී ශාන්ත මරියා විදුහලේ හිමේෂ මධුභාෂන (81) සහ කොවිඳු වික්‍රමසිංහ (63) අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයන්හි නිරත වූහ.  


ශාන්ත මරියා විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 236
(හිමේෂ මධුභාෂන 81, කොවිඳු වික්‍රමසිංහ 63, යසිත් සත්සර 23, මොහොමඩ් ශාහිල් 22/2, නිකාෂ පෙරේරා 52/2)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 121
(මොහොමඩ් ශාහිල් නොදැවී 30, එසිත ගිම්හාන 29, කවිඳු නිමේෂ් 21, දිනිත් ෂෙහාන් 19/2, කොවිඳු වික්‍රමසිංහ 35/2)

-036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.