Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශා.ජෝන් විදුහල අවසන් තරගයට

ශා.ජෝන් විදුහල අවසන් තරගයට

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විදුහල අද (26 වැනිදා) සමත් විය.

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් ඔවුහු අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.

දිනුෂ්ක මදුශාන් පන්දු 26 කදි හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් ශාන්ත ජෝන් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

පානදුර ශාන්ත ජෝන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර ෂෂ වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය ලබන සිකුරාදා (30 වැනිදා) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 45 කදී සියලුදෙනා දැවී 100
(පසිඳු පෙරේරා 56, බිම්සර රණවක 22/4, සුමුදු උදාර 15/3, දිනුෂ්ක මදුෂාන් 28/2)

ශා. ජෝන් විදුහල - ඕවර 21.4 කදී කඩුලු 6 ක් දැවී 103
(යසිරු සංදීප 20, දිනුෂ්ක මදුශාන් නොදැවී 30, මිතුෂ් ලක්ෂ්මන් 16/2, ජයතු චතුරංග 19/2)


-2079

 


අදහස් (0)

ශා.ජෝන් විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.