Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket විශ්මි රත්නාවලියට ශූරතාව ගෙනෙයි

විශ්මි රත්නාවලියට ශූරතාව ගෙනෙයි

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

විශ්මි ගුණරත්නගේ විශ්මිත පිතිහරඹය නිසා අන්තර් පාසල් බාලිකා, වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගම්පහ රත්නාවලී බාලිකාවෝ සමත් වූහ.

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගම්පහ රත්නාවලී පිල ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබාගත් නමුත් නුගේගොඩ අනුලා විදුහලට ඕවර 29.3 කදී ලබාගත හැකිවූයේ ලකුණු 133 කි.
 
ලකුණු 66 ක ජයක් වාර්තා කරමින් රත්නාවලී ක්‍රීඩිකාවෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නාවලී බාලිකා විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායිකා විශ්මි ගුණරත්න, පන්දු 92 කදී නොදැවී ලකුණු 125 ක් ලබාගත්තාය. ඇයගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 15 කින් අලංකාර විය.

සඳලි වීරසිංහ (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විශ්මි, ඉන් නොනැවතී විදුෂිකා පෙරේරා (16) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් වූවාය. පන්දු 39 කදී වාර්තා වූ සඳලිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය අනුලා විදුහලට විදුෂිකා පෙරේරා ප්‍රමුඛ රත්නාවලි ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. විදුෂිකා ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.


රත්නාවලී විදුහල - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී 199
(විෂ්මි ගුණරත්න නොදැවී 125, සඳලි වීරසිංහ 31, විදුෂිකා පෙරේරා 16, ඉමල්ෂි යසාරා 43/2)
 
අනුලා විදුහල - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 133
(කෞෂිණී නුත්‍යංගා 27, දුලංගා දිසානායක 18, ඉමල්ෂි යසාරා 33, විදුෂිකා පෙරේරා 30/3, නිපුනි නවෝද්‍යා 20/2)

 

විෂ්මි ගුණරත්න ශූරතාව ලබාගනිමින්...


අදහස් (0)

විශ්මි රත්නාවලියට ශූරතාව ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.