Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket විරුවන්ගේ සටන අද - හෙට

විරුවන්ගේ සටන අද - හෙට

editorial - 2022 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

බලපිටිය රේවත විද්‍යාලය හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 33 වැනි විරුවන්ගේ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (17) සහ හෙට (18) බලපිටිය බණ්ඩාරනායක ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙතෙක් පැවැති තරග 32 දී තරග 30 ක ජය රේවත විදුහල හිමිකරගෙන ඇති අතර සිද්ධාර්ථ විද්‍යාලය ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි.

රේවත විද්‍යාලය අන්තර් පාසල් ක්‍රිකට් දෙවැනි පෙළ ක්‍රීඩා කරන අතර සිද්ධාර්ථ විද්‍යාලය තෙවැනි පෙළ කාණ්‍ඩයෙන් තරග වදියි.

චතුම් කාව්‍ය රේවත විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙසද, කමේෂ් චතුරංග එහි උපනායකයා ලෙසද කටයුතු කරති.

මෙම වසරේ පැවති අන්තර්  පාසල් ක්‍රිකට්  තරගවාරයේදී සීමිත ඕවර් තරග හතරකට සහභාගි වූ රේවත විදුහල ඉන් තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජයට පත්ව තිබේ.

ප්‍රභාත් ප්‍රනාන්දු සිද්ධාර්ථ  විදුහල් කණ්ඩායමේ නායකයායි. එහි උප නායකයා වන්නේ ලක්ප්‍රිය හේෂාන්ය.

රේවත විදුහල මේ වසරේ පැවැති අන්තර් පාසල්  ක්‍රිකට් වාරයේ සීමිත ඕවර තරග හතරකට මුහුණ දී ඉන් තරග 2ක් ජයගෙන සෙසු තරග දෙක පරාජයට පත් වී ඇත.


අදහස් (0)

විරුවන්ගේ සටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.