Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ලක්ෂාන් මහින්දය අවසන් තරගයට ගෙනෙයි

ලක්ෂාන් මහින්දය අවසන් තරගයට ගෙනෙයි

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කවිඳු ලක්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල අද (25 වැනිදා) සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 72 ක ජයක් අත්කර ගනිමින් මහින්ද විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 23 කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල වෙනුවෙන් වේගවත් පිතිහරඹයන්හි නිරත වූ කවිඳු ලක්ෂාන් පන්දු 38 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 60 ක් ලබාගත්තේය. නවෝද් පරණවිතාන පන්දු 34 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක්ද රැස්කළේය.

ලකුණු 95 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ ධනුජ ඉඳුවර (31) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 65 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලක්ෂාන් සමත් විය. ඉන් නොනැවතුණ ඔහු ඕවර 3.4 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 5 ක් බිඳහෙළමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

මහින්ද විදුහල - ඕවර ඕවර 23 කදී කඩුලු 7 ක් දැවී 196
(කවිඳු ලක්ෂාන් 60, නවෝද් පරණවිතාන 52, ධනුජ ඉඳුවර 31, රෂ්මික මධුෂංක 19, ටෙහාන් පෙරේරා 32/3)

ආනන්ද විදුහල - ඕවර 20.4 කදී සියලු දෙනා දැවී 124
(නුෂාල් ධර්මරත්න 14, මිනෙත් ප්‍රේමරත්න 28, මහෝෂධ ප්‍රනාන්දු 21, සවිරු බණ්ඩාර 26, කවිඳු ලක්ෂාන් 18/5)


අදහස් (0)

ලක්ෂාන් මහින්දය අවසන් තරගයට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.