Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket රත්නාවලී බාලිකාවෝ අවසන් සටනට එති

රත්නාවලී බාලිකාවෝ අවසන් සටනට එති

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සමත් විය. 

කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වාද්දුව මැදි විදුහලට එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් රත්නාවලී ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට පිවිසියහ. 

වාද්දුව මැදි විදුහල යනු ඉකුත් වසරේදී (2021) පැවැති තරගාවලියේ අනු ශූරතාව දිනාගත් කණ්ඩායමය. 

එහිදී රත්නාවලී විදුහලේ විෂ්මි ගුණරත්න (59) අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූවාය. 

රත්නාවලී විදුහල - ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී 165 
(විෂ්මි ගුණරත්න 59, නෙත්මි ගුණරත්න 38, සඳලි වීරසිංහ 20, නිකේෂා විජේසේකර 12, නෙත්මි පූර්ණා 23/2, සවින්දි ඉමල්ෂා 34/2) 

වාද්දුව මැදි විදුහල - ඕවර 30 කදී කඩුලු 7 ක් දැවී 107  
(නෙත්මි පූර්ණා 38, සවින්දි නිමල්ෂා 28, උමායා රත්නායක 20/3) 

-036  


අදහස් (0)

රත්නාවලී බාලිකාවෝ අවසන් සටනට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.