Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket නෙත්ම - බ්‍රෙන්ඩන් ලොයොලා විදුහල දිනවති

නෙත්ම - බ්‍රෙන්ඩන් ලොයොලා විදුහල දිනවති

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මීගමුව ලොයොලා විදුහල සමත් විය. 

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී බෙන්තොට ගාමිණී ජාතික පාසලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් ලොයොලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී ලොයොලා විදුහලේ නෙත්ම හිමරංග සහ බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳහෙළමින් ගාමිණි ජාතික පාසල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත් වූහ.  

ගාමිණි විදුහල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 105 
(චාලක සමාධි 25, හිරෝෂ් ඉඳුවර 23, නෙත්ම හිමරංග 07/3, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 11/3) 

ලොයොලා විදුහල - ඕවර 23.2 කදී කඩුලු 5 ක් දැවී 109 
(බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 21, මාලක සම්පත් 25/3) 

-036


අදහස් (0)

නෙත්ම - බ්‍රෙන්ඩන් ලොයොලා විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.