Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket දේවපතිරාජය අවසන් තරගයට

දේවපතිරාජය අවසන් තරගයට

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජීවක ශෂීන්ගේ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල අද (25 වැනිදා) සමත් විය.

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව ලකුණු 40 ක ජයක් අත්කර ගනිමින් දේවපතිරාජ ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුහ.

එහිදී දේවපතිරාජ විදුහලේ ජීවක ශෂීන් (103), ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. පන්දු 121 කට මුහුණදුන් ඔහු හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් සිය ශතකය අලංකාර කළේය.

ලකුණු 153 කට කඩුලු 9 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ අවසන් පිතිකරුවා වූ චමින්ද සඳරුවන් (නොදැවී 4) සමග එක්ව 10 වැනි කඩුල්ල සඳහා පන්දු 54 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දේපතිරාජ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 ක් දක්වා ඔසවා තැබීමටද ජීවක සමත් විය.

දේවපතිරාජ විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 200
(ජීවක ශෂීන් 103, පවන් සන්දේෂ් 23, ඉමන්තක රාජපක්ෂ 38/2, අරෝෂණ ද සොයිසා 25/2)

ධර්මාශෝක විදුහල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 160
(අරෝෂණ ද සොයිසා නොදැවී 67, ඉරුෂ්ක තිමිර 19/3, ජීවක ශෂීන් 21/3, පවන් සන්දේෂ් 39/2)


අදහස් (0)

දේවපතිරාජය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.