Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket තෙවැනි කොටසේ අ. අවසන් පූර්ව තරග 2 ක් අද

තෙවැනි කොටසේ අ. අවසන් පූර්ව තරග 2 ක් අද

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (27 වැනිදා) පැවැත්වේ.

අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගවලදී යාපනය මැදි විදුහලට එරෙහිව ඉබ්බාගමුව මැදි විදුහල අනුරාධපුරදීද, බෙන්තොට ගාමිණී ජාතික පාසලට එරෙහිව මීගමුව ලොයොලා විදුහල බණ්ඩාරගමදීද තරග බිමට පිවිසීමට නියමිතය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මෝදර ද ලාසාල් විදුහල පරාජය කරමින් යාපනය මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර ඉබ්බාගමුව මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ විදුහල පරාජය කරමිනි.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරමින් ගාමිණී ජාතික පාසලත්, බදුල්ල මැදි විදුහල පරාජය කරමින් ලොයොලා විදුහලත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.


අදහස් (0)

තෙවැනි කොටසේ අ. අවසන් පූර්ව තරග 2 ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.