Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket එක්දින තරගයේ ජය මහින්දයට

එක්දින තරගයේ ජය මහින්දයට

editorial - 2022 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර ආදරවන්තයන්ගේ සටනට සමගාමීව පැවැති වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට මහින්ද විදුහල සමත් විය. ජයග්‍රහණය සඳහා ලණු 230 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඩ් විදුහලට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි.

මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයෙ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ උප නායක ධනුජ ඉඳුවර පන්දු 101 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 100 ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රිච්මන්ඩ් විදුහල ලකුණු 209 කට සීමා කිරීම සඳහා පෙරමුණ ගත් මහින්ද විදුහල් කණ්ඩායමේ නායක කුෂාන් මධූෂ ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳහෙළුවේය. ෂෙහාන් හසරංග ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් ඒ සඳහා කුෂාන්ට අනගි සහායක් දුන්නේය.

තරගයේ දක්ෂතම පිතිකරුවා මෙන්ම වීරයා ලෙසද මහින්ද විදුහල් කණ්ඩායමේ උප නායක ධනුජ ඉඳුවර සම්මාන දිනාගත්තේය. දක්ෂතම පන්දු යවන්නා ලෙස එම කණ්ඩායමේ නායක කුෂාන් මධූෂද, දක්ෂතම පන්දු රකින්නා ලෙස රිච්මන්ඩ් විදුහලේ ෂෙරෝන් අභිෂේක්ද සම්මාන ලැබූහ.


මහින්ද විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 226
(ධනුජ ඉඳුවර 100, දිනුර කළුපහණ 49, ප්‍රමේෂ් මධුභාෂන 31, තරිඳු නිර්මාල් 43/3, ෂෙරෝන් අභිෂේක් 31/2, හංසමාන ද සිල්වා 44/2)

රිච්මන්ඩ් විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 209
(හංසමාන ද සිල්වා 45, තරිඳු නිර්මාල් 41, කල්ප නෙත්සර 37, ෂෙරෝන් අභිෂේක් නොදැවී 20, භානුක මනෝහර 18, මල්ෂ තරුපති 18, කුෂාන් මධුෂාන් 29/4, ෂෙහාන් හසරංග 32/2)

-036


අදහස් (0)

එක්දින තරගයේ ජය මහින්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.