Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket අනුලා විදුහල අවසන් තරගයට

අනුලා විදුහල අවසන් තරගයට

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නුගේගොඩ අනුලා විදුහල සමත් විය. 

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් අනුලා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට පිවිසියහ. 

දේවපතිරාජ විදුහල යනු ඉකුත් වසරේදී (2021) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමය. 

එහිදී අනුලා විදුහලේ ශිකාරි රත්නසිරි නොදැවී ලකුණු 87 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූවාය. 

අනුලා විදුහල - ඕවර 30 කදී කඩුලු 3 ක් දැවී 162 
(ශිකාරි රත්නසිරි නොදැවී 87, කෞෂිණී නුත්‍යංගා 25, ඉමල්ෂි යසාරා 15) 

දේවපතිරාජ විදුහල - ඕවර 30 කදී සියලු දෙනා දැවී 154 
(සංජනා කාවනිදි 39, ඉමේෂා දුලානි 36, කාව්‍යා කාවින්දි 22, දුලංගා දිසානායක 30/3, කෞෂිණී නුත්‍යංගා 06/2) 

-036 


අදහස් (0)

අනුලා විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.