Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket අනන්තන්ගේ ශතකයෙන් යාපනය මැදි විදුහලට ජය

අනන්තන්ගේ ශතකයෙන් යාපනය මැදි විදුහලට ජය

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට යාපනය මැදි විදුහල සමත් විය. 

අනුරාධපුර ඩී.ඒ.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් යාපනය මැදි විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ. 

එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ යාපනය මැදි විදුහලේ අනන්තන් කාජන් (112) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම විනජකසෙල්වම් කවිතරාසන් ලකුණු 27 කට කඩුලු 6 ක් බිඳහෙළුවේය. 

යාපනය මැදි විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 219    
(අනන්තන් කාජන් 112, ලක්ෂාන් ගමගේ 17/2, චමිඳු පද්මික 35/2, මනුජ රත්නායක 43/2, මධූෂ ඒකනායක 53/2) 

ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 161 
(ප්‍රබුද්ධ ප්‍රේමලාල් 67, චමිඳු පද්මික 35, විනජකසෙල්වම් කවිතරාසන් 27/6, නිසාන්තන් අජේ 32/2) 

-036


අදහස් (0)

අනන්තන්ගේ ශතකයෙන් යාපනය මැදි විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.