Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket II ‘බී’ ශ්‍රේණියේ ශූරතාව ජයවර්ධනපුර විදුහලට

II ‘බී’ ශ්‍රේණියේ ශූරතාව ජයවර්ධනපුර විදුහලට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ජයඳු සංකල්පගේ (නොදැවී 50) අර්ධ ශතකයත්, දෙනුවන් ජයවර්ධනගේ (22/4) දක්ෂ පන්දු යැවීමත් නිසා  අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ‘බී’ ශ්‍රේණියේ ශූරතාව දිනාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සමත් විය.

බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති අවසන් තරගයේදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් හිමිකර ගනිමින් ශූරතාවට හිමිකම් කීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 46.1 කදී සියලුදෙනා දැවී ඔව්න්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි.

අනෙක් අන්තයේ පිතිකරුවන් එක්නෙකා දැවීයන විට සිය අන්තය ආරක්‍ෂා කරගනිමින් ඉනිම අවසන් වනතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජයඳු සංකල්ප පන්දු 138 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත්තේය. කවිශ්ක ගිහාන් ලකුණු 23 ක් රැස්කරමින් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ ජයග්‍රහණයට දායක විය.

නවීන් සිල්වා කඩුලු 3 ක් ද, යසිත් ප්‍රනාන්දු සහ සචින් ජයසිංහ කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විද්‍යාලයට ඕවර 46.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ලකුණු 16 ක් ලබාගත් භාතිය සත්සර රාජකීය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ටද ලකුණු අතරට පැමිණිමට ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලීය පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

දෙනුවන් ජයවර්ධන සිය ඕවර 10 ලකුණු 22 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 4 ක් දවාගත් අතර බියංක තමීර සිය ඕවර 10 ලකුණු 20 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ශූරතාව දිනා දීමට සමත්විය.


ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී 136
(ජයඳු සංකල්ප නොදැවී 50, කවිශ්ක ගිහාන් 23, නවීන් සිල්වා 25/3, යසිත් ප්‍රනාන්දු 24/2, සචින් ජයසිංහ 31/2)

රාජකීය විද්‍යාලය - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී 131
(භාතිය සත්සර 16, දෙනුවන් ජයවර්ධන 22/4, බියංක තමීර 20/2)

 


අදහස් (0)

II ‘බී’ ශ්‍රේණියේ ශූරතාව ජයවර්ධනපුර විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.