Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket රාජකීය - ශා. පීතර සම ශූරතා දිනති

රාජකීය - ශා. පීතර සම ශූරතා දිනති

editorial - 2023 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ සම ශූරතා දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය. කොළඹ ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගය ජය පැරදුමකින් තොරව අවසන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙක අතරේ ශූරතාව සම සේ බෙදී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල තරගය නිමාවට පත්වන විට ඕවර 37 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලබා සිටියේ ලකුණු 124 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු හිරුන් නෝයා පන්දු 58 කින් නොදැවී ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයෝ ඕවර 50 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 225 ක් ලබාගත් අතර නිතේෂ් ජයසිංහ පන්දු 61 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 51 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.


රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 6 කට 225
(නිතේෂ් ජයසිංහ 51, රසුල මදාරසිංහ 41, තුමිඳු සෝමසිරි 30, චනිතු කන්කානම්ගේ නොදැවී 25, ධිසස් නානායක්කාරවසම් 17, ලෙෂාන් පෙර්රා 12/3)

ශාන්ත පීතර විදුහල - ඕවර 37 කදී කඩුලු 3 කට 124
(හිරුන් නෝයා නොදැවී 58, මෙතුක ගුණරත්න 32, රෙෂොන් සොලමන්ස් 15)

 


අදහස් (0)

රාජකීය - ශා. පීතර සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.