Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket මිනුවන්ගොඩ නාලන්දාවට වාර්තාගත ජයක්

මිනුවන්ගොඩ නාලන්දාවට වාර්තාගත ජයක්

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ මූලික වටයේ තරගයකදී බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල ලකුණු 8 කට සීමා කිරීමට මිනුවන්ගොඩ නාලන්දා විදුහල සමත්ව තිබේ. මෙවර තරග වාරයේ මේ දක්වා පැවැති තරගවලදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා මැදි විදුහල ඕවර 25 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 146 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කර ඇත.

අනතුරුව බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහලේ පළමු ඉනිම ලකුණු 35 කට සීමා කළ නාලන්දා විදුහල් පන්දු යවන්නෝ, දෙවැනි ඉනිම ලකුණු 8 කට සීමාකරමින් මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 103 කින් ජයගැනීමට සමත් වූහ.

එහිදී නාලන්දා විදුහලේ කුසල් නිමේෂ් පන්දු 56 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 59 ක් රැස්කරමින්ද, ඉනිම් දෙකේදී ලකුණු 24 කට කඩුලු 12 ක් බිඳහෙළමින්ද කැපී පෙනෙන දස්කම් දැක්වූවේය.


නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 6 ක් දැවී 146
(කුසල් නිමේෂ් 59, දනූප අෂ්වින් 2, ජී.ඒ. ශෂිංක 46/2)

බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී සියලු දෙනා දැවී 35
(කුසල් නිමේෂ් 18/6, රෙසඳ නිමංස 03/2)

බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 08
(කුසල් නිමේෂ් 06/6, රෙසඳ නිමංස 02/3)

 


අදහස් (1)

මිනුවන්ගොඩ නාලන්දාවට වාර්තාගත ජයක්
  • ආශා වීරක්කොඩි (හිසල් මව) Tuesday, 08 November 2022 01:37 PM

    හරිම ආඩම්බරයි මේ පුංචි දරුවෝ ටික ගැන. තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා. ක්‍රීඩාවේ ගෞරවය විනය පාසලේ අභිමානය රකිමින් ලංකාවේ හොඳම කණ්ඩායම වීමට වාසනාව ලැබේවා. ශ්‍රී ලංකා ටීම් එකේ නාලන්දා නියෝජනයක් දකින්න ලැබේවා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.