Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket කන්ද උඩරට රන් හටන ජය පැරදුමෙන් තොරයි

කන්ද උඩරට රන් හටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 22 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (25 වැනිදා) අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විද්‍යාලයට සිය පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 208 ක් පමණි. ලකුණු 38 ක් ලබාගත් තේනුක ඒකනායක ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර බණ්ඩාර දිසානායක ලකුණු 36 ක් සහ නෙරංජන් මැද්දගේ ලකුණු 31 ක් ලබාගැනීමට සමත්වූහ. දිල්ශාන් අරඹේගොඩ සහ ආකාශ් ගාර්දියාවසම් කඩුලු 3 බැගින්ද, ධනංජය බණ්ඩාර සහ තිලංක කුමාරතුංග කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී රාහුල විද්‍යාලීය පළමු ඉනිම ලකුණු 114 කට සීමා කිරීමට ශ්‍රී සුමංගල විද්‍යාලීය පන්දු යවන්නේ සමත්වූහ. විශාල් ගාර්දිවසම් ලකුණු 19 ක් ලබාගනිමින් ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වන විට සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසුකර යෑමට ශ්‍රී සුමංගල විද්‍යාලීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. මාලක සමරනායක කඩුලු 4 ක් සහ තිනීර අකලංක කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 94 ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී සුමංගල විද්‍යාලයට තරගය අවසන් කරන විට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි. තිනීර අකලංක ලකුණු 28 ක් සහ නෙරංජන් මැද්දගේ ලකුණු 23 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවිමක නිරත වූ දිල්ශාන් අරඹේගොඩ දෙවැනි ඉනිමේ ලබාගත් කඩුලු 6 ත් සමගින් කඩුලු 9 ක් ලබාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය. තිලංක කුමාරතුංග දෙවැනි ඉනිමේ ලබාගත් කඩුලු 4 ත් සමගින් කඩුලු 6 ක් දවාගත්තේය.

ශ්‍රී සුමංගල විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 68.5 කදී සියලුදෙනා දැවී 208
(බණ්ඩාර දිසානායක 36, තිනීර අකලංක 26, තෙනුක ඒකනායක 38, මාධව සංගීත් 20, නෙරංජන් මැද්දගේ 31, දිල්ශාන් අරඹේගොඩ 45/3, ආකාශ් ගාර්දියාවසම් 48/3, ධනංජය බණ්ඩාර 26/2, තිලංක කුමාරතුංග 38/2)

ශ්‍රී රාහුල විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලුදෙනා දැවී 114
(විශාල් ගාර්දිවසම් 19, මාලක සමරනායක 22/4, තිනීර අකලංක 20/3)

ශ්‍රී සුමංගල විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 50.4 කදී සියලුදෙනා දැවී 115
(තිනීර අකලංක 28, නෙරංජන් මැද්දගේ 23, දිල්ශාන් අරඹේගොඩ 47/6, තිලංක කුමාරතුංග 19/4)


අදහස් (0)

කන්ද උඩරට රන් හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.