Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket මහින්ද - දේවපතිරාජ අවසන් තරගය හෙට

මහින්ද - දේවපතිරාජ අවසන් තරගය හෙට

editorial - 2021 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ 'බී' කාණ්ඩයේ අවසන් මහ තරගය සඳහා ගාල්ල මහින්ද විදුහලට එරෙහිව රත්ගම දේවපතිරාජ විදුහල හෙට (2 වැනිදා) කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.

අර්ධ අවසන් පූර්ව වටයේදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි මහින්ද විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ ආනන්ද විදුහල පරාජය කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහල පරාජය කළ දේවපතිරාජ ක්‍රීඩකයෝ, අම්බලන්ගොඩ ධර්මාශෝකය පරාජය කරමින් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නවෝද් පරණවිතාන, අවසන් මහ තරගයේදී මහින්ද විදුහල් කණ්ඩායම මෙහෙයවයි. සුධීර වීරරත්න දේවපතිරාජ විදුහල් කණ්ඩායම මෙහෙයවයි.

මහින්ද විදුහල් සංචිතය
නවෝද් පරණවිතාන (නායක), සුභානු රාජපක්ෂ (උප නායක), කෞෂිත කොඩිතුවක්කු, කුෂාන් මධූෂ, ධනුජ ඉදුවර, සදෙව් ඉදුවර, ඔසිඳු කුලරත්න, කෝසල උදයංග, රශ්මික මධුසංක, කවිදු ලක්ෂාන්, සිතිර හේලිත, ශාක්‍ය සම්පත්, දිනුර කළුපහන, හිරැණ ගාල්ලගේ, දනිඳු චාමිකර, චේතිය ගුණසේකර, ෂෙහාන් හසරංග, රන්මිණ හෙට්ටිආරච්චි, මහේෂ චන්දූප සහ නිකිල් ජයවීර,
ධනුෂ්ක දෙනගම මහතා (ප්‍රධාන පුහුණුකරැ)
අවිශ්ක ඩිල්ෂාන් මහතා (සහාය පුහුණුකරැ)
නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

 
දේවපතිරාජ විදුහල් සංචිතය
සුදීර වීරරත්න (නායක), පවන් සන්දේශ් (උප නායක), ජීවක ශෂේන්, සසංක නිර්මාල්, තරිඳු රැක්ෂාන්, ඉරැෂ්ක තිමිර, සඳරැ තීක්ෂණ, දිනිත ප්‍රභංක, මතීෂ සාරංග, චමින්ද සඳරැවන්, දර්ශක සංදීප්, පැතුම් ශමින්ද, හිරාන් චාමිකර, චානුක සුලක්ෂණ, තනුෂ් විදුරංග, ප්‍රදීප් රංගන, ශදීෂ නෙත්සර, සඳුන් මධුරංග, සිමාෂ් දිලුන්ජ සහ දසුන් දිල්ශාන්
රන්ජන් ලසන්ත ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරැ)
නිමේෂ් චතුරංග මහතා (සහාය පුහුණුකරැ)
ඩී. රන්ජිත් කුම්බල්තර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
 

 

 

 


අදහස් (0)

මහින්ද - දේවපතිරාජ අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.