Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket දේවපතිරාජ බාලිකාවෝ අවසන් තරගයට

දේවපතිරාජ බාලිකාවෝ අවසන් තරගයට

editorial - 2021 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් පාසල් වයස 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී නුගේගොඩ අනුලා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් ඔවුහු අවසන් තරගයට සුදුසුකම් ලැබුහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අනුලා විද්‍යාලයට ඕවර 25 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97 ක් පමණි. ලකුණු 22 ක් රැස්කළ කවුෂිණි නුත්ය්‍යාන්ගා අනුලා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.
සප්නා මදුභාෂණී, කවීශා දිල්හාරී, සචිනි නිසංසලා සහ ඉමේෂා දුලානි කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විද්‍යාලය ඕවර 17.1 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

කවීෂා දිල්හාරී පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් සිය පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූවාය. ඉමේෂා දුලානි පන්දු 28 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් ලබාගත්තාය.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් තරගයේදී වාද්දුව මධ්‍ය විද්‍යාලය හමුවිමට නියමිතව ඇති අතර බාලිකා තරග ඕවර 25 කට සීමාකර ඇත.


අනුලා විද්‍යාලය - ඕවර 25 කදී සියලුදෙනා දැවී 97
(කවුෂිණි නුත්ය්‍යාන්ගා 22, දුලන්ගා චාමිණි 15, තරූෂී තබීතා 14, සප්නා මදුභාෂණී 10/2, කවීශා දිල්හාරී 19/2, සචිනි නිසංසලා 22/2, ඉමේෂා දුලානි 24/2)

දේවපතිරාජ විද්‍යාලය - ඕවර 17.1 කදී කඩුලු 6 ක් දැවී 100
(ඉමේෂා දුලානි 23, කවීෂා දිල්හාරී නොදැවී 34, සමාධී නෙත්මිණි 17/3)

 


අදහස් (0)

දේවපතිරාජ බාලිකාවෝ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.