Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (18 වැනිදා) අබුඩාබියේ ශෙයික් සහීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාව සහ හොං කොං පිල අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ මහීෂ් තීක්‍ෂණ වෙනුවට වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.
කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේ ඔවුන්ට සුපුරුදු උපාය තවදුරටත් අනුගමනය කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම :
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක (නායකයා), දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර
ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම :
සෙදිකුල්ලා අතල්, රමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්රාන්, ධාර්විෂ් රසූලි, කරීම් ජනාත්, මොහොමඩ නබී, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන් (නායකයා), මුජිබුර් රහමන්, නූර් අහමඩ් සහ ෆසල්හක් ෆාරුකි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.