Last Update  :  2025-12-02 11:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රනිත්මාට තවත් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජයක්

රනිත්මාට තවත් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජයක්

editorial - 2025 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වේල්සයේ අගනුවර වන කාඩිෆ් නගරයේදී පැවැති වේල්ස් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා‍වේ රනිත්මා ලියනගේ සමත් වූවාය. අවසන් මහ තරගයේදී ඔස්‍ට්‍රියාවේ ෂූ වෙයි හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් රනිත්මාට එම ඉසව්වේ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදු වූවාය.

ඉතා දක්ෂ ලෙස ෂූ වෙයිට එරෙහිව පැවැති අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 21/16 ක් ලෙස ජයගැනීමට රනිත්මා සමත් වුවද, දෙවැනි සහ තෙවැනි වටවලදී ලකුණු 21/10 ක් සහ 21/19 ක්‍ ලෙස පරාජය වීම හේතුවෙන් ඇයට තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. රනිත්මා මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත්කිරීම්හි 110 වැනි ස්ථානයේ පසුවන්නීය.

පළමු වටයේදී ස්ලේවැකියාවේ නටාලියා ස්ලොබොදේවාට එරෙහිව තරග වට 2-0 ක (21/8 සහ 21/11) ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට පිවිසි රනිත්මා, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ දෙවැනි වටයේදී ස්වීඩනයේ සිසිලියා වැන්ග්ට එරෙහිව තරග වට 2-1 ක (21/23, 21/13 සහ 21/19) ජයක් වාර්තා කරමිනි. එංගලන්තයේ ෆ්‍රෙයා රෙඩ්‍ෆීන් තරග වට 2-0 කින් (24/22 සහ 21/15) පරාජය කරමින් ඇය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය.

පිට පිටම තරග 3 ක් ජය ලබා සිටි රනිත්මා අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඩෙන්මාකයේ ඇතීන් තෝර්නිල්ඩ්ට එරෙහිව තරග වට 2-0 ක (21/17 සහ 21/15) ජයක් වාර්තා කරමිනි. ඔස්‍ට්‍රියාවේ ෂූ පළමු අවසන් පූර්ව වටයේදී බල්ගේරිය‍ාවේ ස්ටෙෆ්නි ස්ටොයෙවාට එරෙහිව තරග වට 2-1 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට පිවිසියාය.  


අදහස් (0)

රනිත්මාට තවත් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.