Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්ථාන විරෝධයෙන් තරගය පමාවෙයි
ආසියානු කුසලාන - 2025

පාකිස්ථාන විරෝධයෙන් තරගය පමාවෙයි

editorial - 2025 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය හා එ.අ.එමීර් රාජ්‍යය සමගින් ඩුබායිහීදී අද (17දා) පැවති තරගය ආරම්භය පැයකින් ප්‍රමාද කිරිමට තරග සංවිධායකයින්ට සිදුවිය.

ඒ පාකිස්ථාන කණ්ඩායම තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණීම සිතාමතාම ප්‍රමාද කිරිම හේතුවෙනි. තරගාවලියේ ඉන්දු-පාකිස්ථානය අතර ඉකුත්දා (14දා) පැවති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින්, පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම තරගයේ තීරකවරයා වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීමට විරෝධයක් ලෙසින් පාකිස්ථානය මෙම ක්‍රියාමාර්ගය සිදු  කලේය.

සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් අද (17දා) පැවති පාකිස්ථාන එ.අ.එමීර් රාජ්‍යය අතර තරගයේද විනිසුරුවරයා ලෙසින් ක්‍රියා කලේය


අදහස් (0)

පාකිස්ථාන විරෝධයෙන් තරගය පමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.