Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 2026 සත්කාරය අපි ඉල්ලූවේ නෑ

2026 සත්කාරය අපි ඉල්ලූවේ නෑ

editorial - 2021 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 2026 දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව ඉදිරිපත් වී ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ ලේකම් මැස්ක්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ශී‍්‍ර ලංකාවෙන් එවැනි කිසිම උත්සාහයක් ගෙන නැති බවයි.

”පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලකට සත්කාරය දරන්න නම් ස්ටර්ලින් පවුම් බිලියනයක විතර ආයෝජනයක් කරන්න  ඕනේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 300 ක් වගේ මුදලක්”

”ලංකාවේ අද තත්ත්වය අනුව මේ වගේ විශාල සල්ලි කන්දරාවක් ආයෝජනය කරන්න පුළුවන්ද ?. ඒ ගැන නම් අපි (ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනය* කිසිම උත්සාහයක් අරගෙනනත් නෑ. ගන්නෙත් නෑ” යයි මැක්ස්වෙල් ද සිල්වා මහතා අවධාරණයෙන් පැවසීය.

එංගලන්තයේ බී.බී.සී. පුවත් සේවය වාර්තා කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව වසර 2026 තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් උනන්දු වී ඇති බවයි.

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ ලබන වසරේදී (2022) බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම් නුවරදීය. එහෙත් මීළඟ තරගාවලිය ආරම්භ වීමට පෙර වසර 2026 සත්කාරකයන් කවුරුන්ද යන්න ප‍්‍රකාශයට පත්කරන බව පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සංවිධානයේ සභාපතිනි ඬේම් ලූවිස් මාටින් මහත්මිය බී.බී.සී. පුවත් සේවයට පවසා තිබුණාය.

”මට පුංචි විශ්වාසයක් තියෙනවා ලබන අවුරුද්දේ පළමු මාස 3 ඇතුළතදී මීළඟ සත්කාරකයන් කවුරුන්ද කියලා ප‍්‍රකාශ කරන්න අපට පුළුවන් වේවි කියලා. අපි ඒ ඒ රටවල අදාළ නගර සමග කටයුතු කරමින් ඉන්නවා”

”මා හිතන්නේ එය සෑම දෙනාටම තෘප්තිමත් වෙන්න පුළුවන් තත්ත්වයක්. මොකද එතකොට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල හැම දෙනාටම විවෘත වෙනවා. මා කියන්නේ කුඩා රටවලට පවා... මම හිතන්නේ අපේ ඉදිරි ගමන එහෙම වෙන්න  ඕන කියන එකයි” යයි ද ඬේම් ලූවිස් මාටින් මහත්මිය බී.බී.සී. කී‍්‍රඩා අංශයට පවසා තිබිණ.

වසර 2018 දී පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව හම්බන්තොට නගරයට ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකාව බලවත් උත්සාහයක නිරත විය. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරමින් ලංසු තැබීමේ අවස්ථාවට ඉදිරිපත් වූ නමුත් ශී‍්‍ර ලංකාවේ උත්සාහය අසාර්ථක විය. පසුව 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නගරයට ලැබිණ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා වන අනිවාර්ය කී‍්‍රඩා සංඛ්‍යාව 16 සිට 2 දක්වා අඩු කිරීමට නියමිතය. ඉදිරියේදී මලල කී‍්‍රඩා සහ පිහිනුම් පමණක් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී අනිවාර්ය කී‍්‍රඩා බවට පත්වනු ඇත. මෙතෙක් කලක් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල වලදී නිරන්තරයෙන් නැරඹිය හැකිව තිබූ කී‍්‍රඩා කිහිපයක්ම ඉන් ඉවත්ව යනු ඇත.

තරුණ පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නාගරික සහ විද්යුත් ක‍්‍රීඩා තෝරා ගැනීමට වැඩි නිදහසක් මෙන්ම, දේශීයව ජනප‍්‍රිය වන කී‍්‍රඩා තෝරා ගැනීමට ඉදිරියේදී සත්කාරක නගර දිරිමත් කෙරෙනු ඇත. එමෙන්ම ඔලිම්පික් කී‍්‍රඩා නොවන, ස්කොෂ් සහ දැල්පන්දු වැනි කී‍්‍රඩා සඳහා වැඩි වැඩියෙන් අවස්ථා ලැබෙනු ඇත.

තරගාවලිය සංවිධානය කිරීමේ පිරිවැය අඩු කිරීමට සහ නවීකරණය කිරීමට ගන්නා උත්සාහයක් වශයෙන් සම සත්කාරකත්වය දිරිමත් කෙරෙන අතර ක‍්‍රීඩක ගම්මානයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍යතාවයක්ද නොමැති වනු ඇත.

වසර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය තරග සඳහා කී‍්‍රඩා 19 ක් එක්වීමට නියමිතව තිබිණ. එහෙත් නව සංශෝධන සමගින් එය 15 ක් දක්වා අඩුකෙරේ. ලබන වසරේදී පැවැත්වෙන කී‍්‍රඩා උළෙල සඳහා කී‍්‍රඩා 16 කි.

වසර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමට සූදානම් වූයේ දකුණු අපි‍්‍රකාවේ ඩර්බන් නගරයයි. එහෙත් නියමිත දින වලට කී‍්‍රඩාංගණ සූදානම් නොකිරීමත්, මූල්‍ය ප‍්‍රශ්න සහ සත්කාරක නගර වලට ඒ වෙනුවෙන් දැරීමට සිදුවූ විශාල පිරිවැයත් හේතුවෙන් දකුණු අපි‍්‍රකාවෙන් එම අවස්ථාව ඉවත් කරන ලදි.

 


අදහස් (0)

2026 සත්කාරය අපි ඉල්ලූවේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.